IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර වෙදෙක් පානදුරෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඉන්දිකා රාමනායක සහ සුමිත් පොතුපිටිය)

මියගිය වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබී ගබ්සා පෙති ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනා ඖෂධ තොගයක් පොලිස් භාරයට බවත් ඒ අතර කල් ඉකුත් වූ ඖෂධ තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

වෛද්‍යවරයකුට තිබිය යුතු අවම සුදුසුකමක් වත් නොමැති පුද්ගලයකු වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ප්‍රතිකාර ලබා දෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

එම බළකායේ පොලිස් සැරයන් (428) ජයලාල් සහ කාන්තා පොලිස් කොස්තාපල් (13090) රිහාරි මහත්ම මහත්මීන් අඹු සැමි යුවළක් ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ගොස් වෛද්‍ය සහතිකයක් ද ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ තොරතුරු වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වර්ෂ 1968 දී ලියාපදිංචි වුවද එය සක්‍රීය ලෙස පවත්වාගෙන ගොස් නොතිබූ බවද අනාවරණය වී ඇත.

 



අදහස් (3)

හොර වෙදෙක් පානදුරෙන් අල්ලයි

Krishantha Tuesday, 27 June 2023 06:28 PM

හම්බන්තොට දිස්තික්කයේ කස්තුරි ගෑවිච්ච නමක් තියන කෙනෙකුගේ නමින් එම මුද්‍රා තබාගෙන සිටින්නෙක් එළවලා ප්‍රදේශයේ කන්දක් වගේ තැනක කැලයක සිට කැඩුම් බිඳුම් වෙදෙක් ඉන්නවා ප්‍රවේශම් උනොත් හොඳයි

:       0       0

ධීවරයෙක් Wednesday, 28 June 2023 09:49 AM

රටපුරාම තවත් හොර දොස්තරලා,වෙද්දු ඉන්නවා .අල්ලන්නේ නැති එකයි පුුශ්නය .

:       0       0

රන්ජිත් පෙරේරා Wednesday, 28 June 2023 10:45 AM

අස්සක් මුල්ලක් නෑර ඇති ෆාමසි පවා අනිවාර්යෙන් පරික්ෂාවට බඳුන් වියයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site