IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර බඩු පෙන්නන්න ගිහින් ඉහළ මහලෙන් බිමට පැනලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අපරාධ හයකට සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු අත් මන්තු දමා සිටියදී කොටහේන  මහල් නිවාසයක පස්වැනි මහලේ සිට බිමට පැනීම නිසා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ කිරුලපන සිද්ධාර්ථ මාවතේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙකි.

කොටුව, වේල්ල වීදිය සහ කෙසෙල් වත්ත යන පොලිස් වසම්වල සිදු වූ අපරාධ 6කට සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 5010 සහ ව්‍යාජ ජාතික හැදුනුම්පතක් ද තිබී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මොහු විසින් හොරා ගන්නා ලදැයි කියන දේපොළ සොයා ගැනීමට කොටහේන මෙම මහල් නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ පිහිටි නිවසක් වෙත කැඳවාගෙන පැමිණි බව පොලිසිය කියයි.

අත් විලංගු දමා සිටි මෙම සැකකරු කොරිඩෝව දිගේ කැඳවාගෙන යමින් සිටි අතරවාරයේ එක්වරම බිමට පැන ඇතැයි දඋසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී පස්වැනි මහලේ සිට බිමට පැමිණීම නිසා බරපතළ තුවාල ලබා සිටි සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (0)

හොර බඩු පෙන්නන්න ගිහින් ඉහළ මහලෙන් බිමට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site