
සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි.
කැනඩා වැසියන් වෙනුවෙන් ආරම්භ කළ ‘කැරපොත්තකුට නම් තබන්න’ නමැති මෙම වැඩසටහන එලැඹෙන වැලන්ටයින් දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා ඩොලර් 25 ක මුදලක් සත්වෝද්‍යානයට ගෙවීම කළ යුතුය.

‘කැරපොත්තා කියන්නේ කරදරකාරයෙක්. ජීවිතයට කරදරකාරයෙක්. හැර ගිය පෙම එහෙම කෙනෙකු නම්, ඒ පෙම සිහි කරමින් කැරපොත්තකු නම් කරන්න අප අවස්ථාව දෙනවා. අප ළඟ ඇති තරම් කැරපොත්තෝ ඉන්නවා’ යැයි සත්වෝද්‍යානය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.
කැරපොත්තකු නම් කිරීමට කැමැති කෙනකු මුදල් ලබා දී, අයැදුම්පතක් ලබා ගැනීම සහ එය පුරවා ආපසු බාර දීම කළ යුතුවෙයි. කෙසේ නමුත් කෙනකුට අපහාස වන ආකාරයට නම් තැබීමකට ඉඩ නොදෙන බව ද සත්වෝද්‍යානය නිකුත් කළ ටිවිටර් පණිවුඩයේ පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෑගි නැතුව වුනත් කමක් නැහැ. ලංකාවෙත් සතෙකුට නම් තැබීමට ක්‍රමයක් හදන්න
කැරපොත්තොන්ට ගැලපෙන්නෙම මැදමුලන අයගේ නම්. ඒ තරම් කරදරකාරයෝ මුලු රටටම.