සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි.
කැනඩා වැසියන් වෙනුවෙන් ආරම්භ කළ ‘කැරපොත්තකුට නම් තබන්න’ නමැති මෙම වැඩසටහන එලැඹෙන වැලන්ටයින් දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා ඩොලර් 25 ක මුදලක් සත්වෝද්‍යානයට ගෙවීම කළ යුතුය.
‘කැරපොත්තා කියන්නේ කරදරකාරයෙක්. ජීවිතයට කරදරකාරයෙක්. හැර ගිය පෙම එහෙම කෙනෙකු නම්, ඒ පෙම සිහි කරමින් කැරපොත්තකු නම් කරන්න අප අවස්ථාව දෙනවා. අප ළඟ ඇති තරම් කැරපොත්තෝ ඉන්නවා’ යැයි සත්වෝද්‍යානය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.
කැරපොත්තකු නම් කිරීමට කැමැති කෙනකු මුදල් ලබා දී, අයැදුම්පතක් ලබා ගැනීම සහ එය පුරවා ආපසු බාර දීම කළ යුතුවෙයි. කෙසේ නමුත් කෙනකුට අපහාස වන ආකාරයට නම් තැබීමකට ඉඩ නොදෙන බව ද සත්වෝද්‍යානය නිකුත් කළ ටිවිටර් පණිවුඩයේ පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න
මැද්දෙගම Thursday, 19 January 2023 12:29 PM
තෑගි නැතුව වුනත් කමක් නැහැ. ලංකාවෙත් සතෙකුට නම් තැබීමට ක්‍රමයක් හදන්න
පිටිගල මිලානෝ Thursday, 19 January 2023 02:04 PM
කැරපොත්තොන්ට ගැලපෙන්නෙම මැදමුලන අයගේ නම්. ඒ තරම් කරදරකාරයෝ මුලු රටටම.
සමන්Thursday, 19 January 2023 05:30 PM
ඇයි මැදමුලන විතරක්.... අපි කැරපොතු ජෝඩුවක් අරන් නම් දාමු පිටිගල සහ මිලානෝ කියලා. මට මතකයි සරත් වගේ නමකුත්...
AlfreadFriday, 20 January 2023 06:17 AM
කැරපොත්තො දෙන්නා සියදිවි හානි කර ගනීවි ඒ නම් දෙකට.