IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ

(රෝෂන් තුෂාර)

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියම කළේය.

හෝකන්දර දකුණ පදිංචි  පුද්ගලයකුට මෙම දඬුවම් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රුපියල් 1500ක දඩයක්ද නියම කෙළේය.

2010 ඔක්තෝම්බර් මස 05 වැනි දින හා 2011 නොවැම්බර් මස 10 දින අතර කාලය තුළදී කොළඹ අට බොරැල්ල සුපිරි වෙළඳ සංකීර්ණය තුළදී සාදන ලද ඉඩම් ඔප්පුවක ව්‍යාජ බව දැන දැනම එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර්  කාර්යාලයේ රෙජිස්ටාර්වරයාට  ලබා දීම තුළින් කූට ලේඛන සැකසීම,දණ්ඩ නීති සංග්‍රහයේ 459 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීම චෝදනාව යටතේ මෙම නඩුව පවරා තිබිණි.

නඩුව දීර්ඝ වශයෙන් විභාග කර සාක්ෂි විමසීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

වංචා විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පොලිස් සැරයන් (41056) කුමාරසිරි සහ පොලිස් කොස්තාපල් (91869)මදුශාන් යන නිලධාරීන්  පෙනී සිටියහ.



අදහස් (2)

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ

අමල් Wednesday, 09 October 2024 05:58 PM

මේ අපේ මාලිමාවේ වසන්ත සහෝදයා නෙමෙයි නේද? එහෙම වුණා නම් අපි දන්නවා කොහොමද නීතිය නමන්නේ කියලා..! එහෙම නේද අනුර සහෝ..!

:       8       7

සමන් විමල් Wednesday, 09 October 2024 08:26 PM

අමල්, බලාගෙන මාලුමාමලාට තදවෙයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site