(සුමිත් පොතුපිටිය)
කූඨ ලේඛනවලින් ව්‍යාජ ඔප්පු දෙකක් සකස් කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටි නීතිඥවරයකු අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල, කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි නීතිඥවරයකු බව පොලිසිය කීය.
සැකකාර නීතිඥවරයා කළුතර ප්‍රදේශයේ ඉඩම් දෙකකට ඔප්පු පිළියෙළ කිරීම සදහා කූඨ ලේකණ සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටී අයකු බවද පොලිසිය කීය.
සැකකාර නීතිඥ වරයාට එල්ලවී ඇති එකී චෝදනා අනුව කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙම්න් තිබී ඇති අතර , එයට පෙනී නොසිටීමෙන් වරෙන්තු නිකුත් කර ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය දන්න කෙනෙක් නේද? නඩුව අවසන් වනතුරු ඇප නැත...