IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරේ ඉඳන් ඇවිත් දින හතරයි: අධිවේගයේ වයර් කපා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුනරුත්ථාපනය වී මීට දින හතරකට පෙර නිදහස් වූ පුද්ගලයකු කඩවත - කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගය දක්වා පාලම් යට ස්ථාපිත කර තිබෙන විදුලි කණුවලට භූගතව යොදා ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටියදී  අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානය කියයි.

එම සැකකරු සමඟ එලෙස කපන ලද කම්බි කිලෝ හැටක් පොලිස් භාරයට ගෙන ඇත.

කඩවත කෙලවරපිටිය අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 දශම 5 ප්‍රදේශයේ ගුවන් පාලම් යට සිට ඉඳිකරමින් පවතින කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුම ට යොදා තිබෙන විදුලි කණුවක් අසළ කුඩා කාමරය කඩා භූගතව තිබෙන තඹ සහ ඇලුමිනියම් කම්බි පුද්ගලයන් කීප දෙනකු පැමිණ කපන බවට අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

 



අදහස් (3)

හිරේ ඉඳන් ඇවිත් දින හතරයි: අධිවේගයේ වයර් කපා මාට්ටු

Bamunuarachchi gy Monday, 23 October 2023 12:31 AM

කම්බි කපපු තැන පිස්තෝල හංගලා ඇති. පෙන්නන්න එක්ක යන්න.

:       0       2

සකල ගුරු Monday, 23 October 2023 05:34 AM

ඇත්තටම මෙහෙම කාළකණ්නියෝ රටේ හිටියොත් රට හදන්නෙ කොහොමද මෙහෙම එවුන්ට සධාකාලිකව මෙහෙම දේවල් කරන්න බැරිවෙන්නම මොකවත් කරන්න බැරිද

:       0       1

asiri Monday, 23 October 2023 09:30 AM

මන්ට දුටුතැන වෙඩි තියන්න තියෙන්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site