
(ගයාන් සූරියආරච්චි)
මුහුණු පොතේ දැන්වීම් පළකර බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් කෝටි ගණන් මුදල් ඉපැයූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රවර්ධන නිලධාරීන් 5 දෙනකු අද අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
එම අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂිකාවක බව කියන කාන්තාවක ඉකුත් (27) දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බවත් එම ආයතනයට සම්බන්ධ තවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීම නියමිත බවත් පොලිසිය පවසයි.
බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඕ.පී. අබේරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් (46981) ප්‍රියදර්ශන, (14104) උදයකුමාර, කාන්තා පොලිස් කොස්තාපල් (12467) ගිම්හානි, (11202) දිල්ෂානි යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd