
(ගයාන් සූරියආරච්චි)
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණියද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් එම තරුණයාට සැකකාරිය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ තරුණයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය විසින් ඇගේ ආයතනයේ සේවය කරනු ලබන තරුණියකට පරිගණකය හසුරුවන ආකාරය උගන්වන ලෙස එම තරුණයාට පවසා ඇති අතර එහිදී එම තරුණයා විසින් එම තරුණියගේ අතින් ඇද අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සදහා හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු එම තරුණිය ද කැටුව කටාන පොලිසියට පැමිණ තිබුණි.
එහිදී දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය, ඇගේ සැමියා සහ කළමනාකරු විසින් එම තරුණයාට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව හයේෂිකා ප්‍රානාන්දු නැමැත්තිගේ සැමියා සහ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ වගේ පොලිස් නට්‍ය කීයක් පහුගිය ටිකේ පෙන්නුවාද..? මෙයත් එයාලා වගේ හැන්ගිමුත්තන් කරලා ඇටි වුණාම පොලිසියට ඇවිත් බාර වෙයි.
මේක අම්මගේ රටක්... පයින් ගැහුවේ හයේෂිකා. හිරේ අරන් යන්නේ මිනිහවයි, වැඩට උන් අයවයි. වත්තේ උන්නු බල්ලෝ, කුකුලෝ අරන් හිරේට දාන්න කියලා නඩුකාරයාට කිව්වේ නැතිද? දැන් බලාගෙන ගියාම කැකිල්ලේ රජා ඇත්තටම ඉඳලා තියෙනවානේ.
මේ විදියට හැංගිලා, පස්සේ කිසි ගින්නක් නැතුව බාර වෙන එක දැන් ෆැෂන් එකක් වෙලා. මේක නීතියට කරන හෑල්ලුවක්. අනික මොවුන් සොයන්නට පරීක්ෂණ කණ්ඩායම් සඳහා වියදම් කරන්නේ මහජන මුදල්, ඒවා මේ අයගෙන් අයකර ගන්නවාද? විශේෂයෙන්ම අර හිටපු පොලිස්පතියා හොයන්න රජයේ මුදල් මිලියන කීයක් වියදම් කරන්න ඇද්ද? බලාගෙන ගියාම මොවුන්ගේ වැඩවලට දඩගෙවලා තියෙන්නේ අපි...!
ලංකාවේ පොලිසිය මරු හැංගුණ අය හොයාගන්න බෑ. පොලිසිය හොඳයි පගාව ගන්න...
පොලිසියේ ඉන්න පහේෂකාලාට, හයේෂිකාව හොයාගන්න ටිකක් අමාරු වේ.
හයේශිකා අල්ලන්න පොලිස්සියේ කණ්ඩායම් 3ක් සෙව්වන්දි අල්ලන්න පොලිසියේ කණ්ඩායම් 5ක්, ඔහොම හැට හුටා හමාරක් පොලිසිකාරයෝ කණ්ඩායම් දානවා. අර ප්‍රසන්න රණවීර, දේශබන්දු බාර වෙනකම් අල්ලන්න එකෙක් හිටියේ නැහැ. මේක ජෝක් එකක් වගේ දැන්
මෙසේ නීතිය මගහරිමින් සැඟවෙන්නන්, තම වරද පිළිගත්තවුන් සේ සලකා, නඩු ඇසීමකින් තොරවම දඩුවම් පැනවියහැකි නීති සකස් කළ යුතුයි.
මොවුන් සෙවීම සඳහා වැයවන්නේ රජයේ නිලධාරීන්ගේ වටිනා කාලය සහ, මහජනතාවගේ බදු මුදල්ය. ඒ සඳහා වෙනම දඬුවම් පැමිණවිය යුතු අතර දඬුවමද දෙගුණ කළ යුතුයි. අමතර දඩයක්ද ගැසිය යුතුයි..
අර සෙව්වන්දි හොයන පොලිස් කණ්ඩායමද?
පුදුම පොලිසි තමයි දැන් තියෙන්නේ.. සැකකරුවන් පැනයනකන් හොයන්න බෑ.
කණ්ඩායම් 3 මදි... වරෙන්තු 10ක්වත් ඉෂූ කරන්න ඕනෙ. පස්සේ ඇවිත් බාර වෙන්න..
ටීචර් අම්මා? දෙය්යෝ සාක්කි...
"ශ්රී ලංකා පොලීසිය" ලෝක විහිළුවක් බවට පත්වෙලා.
මෙයා හොඳ දෙයක් කරලා තියෙන්නේ...!
ඔබලාගේ මේ රජය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා... මිනිස්සු තුළ කලින් නොකළ යහපත් දේවල් කරයි කියලා. ඒ බලාපොරොත්තු රැඳෙන්න නම් මේ අසමත් කයිවාරු පොලිස් ඇමැති මාරු කරලා බුද්ධිමත් දක්ෂ කෙනෙකුට දෙන්න. මේ කෙල්ලක් (සෙව්වා) ගානියෙක් හොයාගන්න බැරි ඇමතියෝ කොහොමද මේ පාතාලය කූඩු නැති කරන්නේ..? රටවැසියන්ගේ හඬට සවන් නොදී ගියොත් ගෝඨාභයට වෙච්චි දේ වෙනවා ඕං...!
යකෝ පොලිස් ගාඩ් මැද ගියපු කෙනා මෙන්න පොලිසියෙන් හොයනවා. කොහොමද එහෙම වෙන්නේ...? මල්ලි මේ ශ්‍රී ලංකා පොලිස්.. සුපිරි දක්ෂ ඇමැතියෙකුත් ඉන්නවලු. හැබැයි ගැනියෙක් අල්ලා ගන්න බෑ. උසාවිය ඇතුලේ වෙඩි තියලා යන්නේ දැන් කොහොමද ඒ වුණාට ඇමැතියාගේ කයිය... රෙද්ද පල්ලෙන් බේරෙනවා.
අහවල් තැනට පයින් පාරක් දෙන්න.