
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලංකාවේ සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකු දිළිදු බවට පත් වී ඇතැයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ග්‍රාමීය දිළිඳු බව මේ රටට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.අප රටේ සෑම පුද්ගලයින් හය දෙනෙක්ගෙන් එක් අයෙක් දිළිඳුයි.ඔවුන් අතරිනුත් සියයට 95කට වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා. බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව මේ දත්ත අප ඉදිරිපත් කරන්නේ.
ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම වත්මන් රජයේ ප්‍රධාන වශයෙන් අවධානයට යොමු වූ ක්ෂේත්‍රයක්.
ගම් හෝ අර්ධ නාගරික හෝ මලයගම් ප්‍රදේශවල ජනතාව බරපතල දරිද්‍රතාවලින් පෙලෙනවා.ඉහළ සිට පහලට ගලා එන සංවර්ධනය වෙනුවට ගමේ ජනතාවගේ අවශ්‍යතා විශ්ලේෂණය කොට ජනතාව විසින් ග්‍රාම සංවර්ධනය සැලසුම් හදා ඒවා ක්‍රියාත්මක කිරීමට අප පහසුකම් ලබා දෙනවා යැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක ගණනාවක් තිස්සෙ "ජනසවිය, සමෘධි, අස් වැසුම" ආදී වැඩසටහන් රටේ ජනතාවගෙ බදුමුදල්වලින් ක්‍රියාත්මක වූ රටක, තාමත් හයෙන් එකක් අන්ත දිළිඳුයි. මිනිස්සුන්ට ආධාර දීල දේශපාලන උවමනා-එපාකම් වලට යොදාගත්ත එක තමයි හැමදාම වුණේ. දශක හතක් තිස්සේ දේශපාලකයෝ, ජනතාවගෙ බදු මුදල් - රාජ්‍ය දේපළ හොරාකාල දියුණු වුණා (එක්කෙනෙක්, දෙන්නෙක් හැරෙන්න)... ඔවුන්ගේ හෙන්චයියනුත් ඒ සමගම දියුණු වුණා... ඔවුන්ට කඩේ ගිය සාමාන්‍ය ජනතාව හිටිය තැනින් තවත් පල්ලෙහාට වැටුණා.
ඒ වුණාට රාජපක්ෂ පවුලේ 6 ක් ගත්තොත් 6 දෙනාම පොහොසත් ප්‍රකෝටිපතියෝ නේ
එහෙම වෙන්නේ කොහොමද ? දකුණු ආසියාවේ මිල වැඩිම වාහන , පොල් , සහල් තිබෙන්නේ අපේ රටේ , අවශ්‍ය ප්‍රමණයට වැඩිය තුන්ගුණයක් රජයේ සේවකයෝ ඉන්නේ අපේ රටේ , ඉතින් කොහොමද අපි දුප්පත් කියන්නේ ? ඔය සංඛ්‍යා ලේඛන වැරදි ඇති
මට නම් නිරීක්ෂණය වෙන්නේ ඕකේ අනිත් පැත්ත 6 දෙනෙකුගෙන් 5 දෙනෙක් දුප්පත් නමුත් ඔවුන් පිටට පෙන්වන්නේ නැහැ , ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් කියක් හරි නයක් අරන් , රත්‍රන් බඩුවක් උකස් කරගෙන එදා වෙලා ගැටගහගෙන යනවා , රටින් හරි ගෙනත් අමතර බදු නොගහ , සහල් වැනි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වල මිල පහල නොදැම්මොත් , ජනතාවගේ ජිවනබර වැඩි වෙලා කෝපය පුපුරා ගොස් විශාල සිවිල් යුධ තත්වයක් රටේ ඇතිවෙන්න පුළුවන් , මිනිස්සුන්ට අවශ්‍ය අස්වැසුම , පොහොර සහනාධාර නොව , හම්බු කරන මුදලට අත්‍යවශ්‍ය සහල් වැනි අහර ද්‍රව්‍ය මිලදී ගෙන කාටවත් අත නොපා ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් , ගොවියෝ , දේශීය නිෂ්පාදකයෝ ආරක්ෂා කරන්න කියමින් අසාධාරණ බදු ගැසීම , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ජනතා මුදලින් නඩත්තු වන සුදු අලි විකුණා දැමීම හෝ වසා දැමීම , අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන් ගුණයක් පමණ වන රජයේ සේවකයන් ඉවත් කිරීම හෝ ප්‍රතිවියුහගත කරගෙන රාජ්‍යසේවය කාර්යක්ෂම කරගැනීම , අනිවාර්යයෙන්ම මේ වසර තුලදී කරගන්න රජය ක්‍රියාකළ යුතුය.
පහුගිය අය මාරුවෙන් මාරුවට හිටියා නම් 06 ගෙන් 05 දෙනෙක්ම දුප්පත් වෙනවා.