IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හමාස් ප්‍රාණ ඇපයේ සිටි ලාබාල දරුවා තවත් ත්‍රස්ත කණ්ඩායමකට දීලා

(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරුවා වන දසමස් වියැති කෆීර් බිබාස් නිදහස් කිරීම එම සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බවත්  පලස්තීනයේ ක්‍රියාත්මක වන තවත් ත්‍රස්තවාදී කණ්ඩායමකට බිබාස් සහ එම ළදරුවාගේ පවුල මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම සඳහා බාර දී ඇති බවත්  ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

තාවකාලික සටන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන ඛාන් යූනිස් නගරයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙත බිබාස්, එම ළදරුවාගේ වැඩිමහල් සොහොයුරා සහ මව මෙලෙස බාර දී ඇති බවත් එහි අරමුණ දසමස් වියැති බිබාස් එම ළදරුවාගේ පවුල මනුෂ්‍ය පළිහක් ලෙස යොදා ගැනීම බවත් ඊශ්‍රායල හමුදාව පෙන්වා දුන්නේය.

පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී බිබාස්, වැඩිමහල් සොහොයුරා වූ සිව් හැවිරිදි ඒරියල් සහ බිබාස්ගේ මව වූ 32 හැවිරිදි ශිරී ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් ඇති බවත් ඔවුන් සමඟ සිටි බිබාස්ගේ පියා වූ 34 හැවිරිදි යාර්ඩ්න් පිළිබඳ කිසිම තොරතුරක් නොමැති බවත් ඊශ්‍රායල හමුදාව පැවැසුවේය.

ප්‍රහාරයේදී යාර්ඩ්න් මිය යන්නට හෝ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන යන්නට ඇතැයි විශ්වාස කරන බවත් තවමත් යාර්ඩ්න් පිළිබඳ පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළේය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ බිබාස් සහ පවුල නිවසේ ආරක්ෂක කාමරයක සැඟව ඇති බවත් හමාස් සටන්කාමීන් එම කාමරයේ දොර කඩා මව සහ දරු දෙදෙනා රැගෙන ගොස් ඇති බවත් ඊශ්‍රායල හමුදා පෙන්වා දුන්නේය.නමුත් පියා පිළිබඳ කිසිඳු තොරතුරක් නොමැති බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේය.



අදහස් (0)

හමාස් ප්‍රාණ ඇපයේ සිටි ලාබාල දරුවා තවත් ත්‍රස්ත කණ්ඩායමකට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site