IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමතුමක් දී සුබ පැතුවේය.

ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්මවීට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන කමලා හැරිස් පවසා ඇත්තේ, ගාසා තීරයේ හමාස් සටකන්කාමීන්ට එරෙහිව යුද්ධය නැවැත්වීමට මෙය හොඳ අවස්ථාවක් බවය.

යාහ්යා සින්වාර් සිත්පිත් නැති ත්‍රස්තවාදීයකු බවත්, ඔහුගේ මරණය සැමට අස්වැසිල්ලක් වනු ඇති බවත්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලේනා බර්බොක්, ඉතාලි විදේශ ඇමැති ඇන්තෝනියෝ ටජානි නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.

හමාස් නායක යාහ්යා සින්වාර් මියයෑමෙත් සමඟ හමාස් ග්‍රහණයේ පසුවන සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් බ්‍රසල්ස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, යාහ්යා සින්වාර්ගේ මරණය ගැන දුක් වන කිසිවකු නොමැති බවය. 

‘පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ඒ කුරිරු ප්‍රහාරය පසුපස සිටියේ හමාස් නායක යාහ්යා සින්වාර්ය. ඔහු මරා දැමීමට ඊශ්‍රායල හමුදා කටයුතු කිරීම ගැන ආඩම්බරයි.’ යැයි එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හේලි පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site