(අංජුල මහික වීරරත්න)
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාට අද(13) දැනුම් දුන්නේය.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද දැනුම් දුන්නේය.
එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඉකුත් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක දී ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පත්කිරීම ඒගොල්ලෝ කරගනීවි. ඉස්සර වෙලා හැමෝම පිළිගන්නේ නැති ඔබතුමා අයින්වෙලා ඉන්න. මතක තියාගන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන උන්නාට මේ රට බූදලයක් නොවන වග... ඒ උන්නු කාලෙට පඩියකුත් ගත්තනේ නේද?
අනේ පිනෝ...!
එහෙම කෙනෙක් ඉතින් කනත්තකින් තමා උස්සන් එන්න වෙන්නේ
අනුරකුමාර දිසානායක අගමැති කරනේනම්, එසේ කිරීමට පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ. කණ්ඩායම් 3නම එකගත්වයකට / එක මතයකට පැමිණිය යුතුවේ.
අනුරකුමාර දිසානායක අගමැති කරනේනම්, එසේ කිරීමට පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ. සහ අරගලකරුවන්ද එකගත්වයකට / එක මතයකට පැමිණිය යුතුවේ.
දශක දෙකකට වඩා නායකත්වය දරා තමන්ගේ පක්ෂය ඉතිහාසයේ අන්තම පරාජය දක්වා මෙහෙයවූ මහා නායකයාණෝ...!
ඔයා යන්නකො ඉස්සෙල්ලම
විපක්ෂයේ හැම පක්ෂයක්ම කැමැති වෙන කෙනෙක් තෝරන්නේ කොහොමද? රනිල්ගේ පක්ෂයෙන් ඉන්න එයා විතරයි. එයාගේ නම නොදැම්මොත් එයා විරුද්ධ වෙනවා. එතකොට හැම කෙනෙක්ම කැමැති වෙන කෙනෙක් හොයන්න වෙනවා. අන්තිමේ වෙන්නේ අනිත් හැමෝටම එයට කැමැති වෙන්නයි.
ඔයා එපා...
කවුරුත් පිලිනොගන්න ජනාදිපතියෙක් කියනව කවුරුත් පිලගන්න අගමැතියෙක් ගේන්න කියල
රනිල් කියන්නේ වැඩ බලන ජනාධිපතිවරයායි... ඔහු අගමැති වරයායි. තවත් අගමැතිවරයෙක්ව පත්කරන්නේ කොහොමද?
ඔබත් ‘‘හැමෝගේම පිළිගැනීමට ලක්වූ කෙනෙක්ද?
ඒ වගේම රටේ බහුතරයක් කැමැති ජනාධිපති කෙනෙක් පත් වෙන්නත් ඕනේ .
හැමෝම පිළිගන්න අගමැති කෙනෙක් කෙසේ වුවත්, දිගුකලක සිට හැමෝම ඔබව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ... ඒ නිසා ජනතාව තවත් පීඩාවට පත් නොකර, හැකි ඉක්මණින් ඉවත් වෙන්න.
ඔක්කොටම කලින් සියලුදෙනා පිළිගන්න නායකයෙක් ජනාදිපති කරන්න , රනිල් කියන්නේ ජනතාව ප්‍රතිෂේප කරපු දේශපාලන පක්ෂ නායකයෙක්
අනු. කුමා - මේ ඔයාගෙ වාරයයි. සජිත් - එන්න අභියොග බාරගන්න. එස්. එෆ් - පෙන්නන්න ඔබේ හැකියාව පාඨලී- මේ ඔයාගෙත් අවස්ථාවයි
ජනාධිපතිවරණයකින් හෝ මහමැතිවරනෙකින් ජනාධිපතිවරයෙක්ට හෝ රජයකට වසර 5 කට බලය ලැබුනම ව්යවස්ථාව සහ නීතිය අනුව වසර 5ක් යනකන් ඒ බලය තිබෙනවා. ඒ අතරතුර කාලෙ වෙනස් වන ජන මතය අනුව ඒ බලය වෙනස් වෙන්නේ නෑ. ජවිපෙට ගියපාර ඡන්ද ලක්ෂ 3-4ක් තිබ්බා. ඒ ඡන්දෙ දීපු පිරිසට තව සුලු පිරිසක් එකතු වේලා කොළඹට ආවා කියලා ලක්ෂ 70ක ජනවරමක් තිබෙන ජනාධිපති කෙනෙක් ඉවත් වෙන්න ඕන නැහැ.
දෑහිතකාමීන් කොහොම කිව්වත් වාසුගේ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් තවමත් කියන්නෙ මහින්ද මහත්තෙයා හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා එහෙම එවුන්ට මහින්දගේ කෙරුවාවල් නිසා රටට මෙහෙම වුනා කියලා තේරුම් ගන්න අමාරුයි
රට අරාජික කරන්නැතුව ඔහේ අයින්වෙනවා හලෝ !
අවුරුදු 5 කට බලය දුන්නට අවුරුදු 2 කින් වන්චාවෙන් දූශනයෙන් රට බන්කොලොත් කරල ජනතව පාරට ඇදල දැම්මහම එතිරි අවුරුදු ටික රට විනාස කරන්න ඉඩ දෙන්න කියලද මෙ සමහරු කියන්නෙ.
ඔබට කිසිම ජනවරමක් නෑ ඔය පාර්ලිමේන්තුවේ කිසිම තනතුරක් දරන්න.කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදට හිසනමා ඔය දරන තනතුරු වලින් අයින් වෙන්න.මුළු ලෝකයම ඔබ දෙස බලා සිටී.
මෙයාගේ කට ඇරියොත් තියෙන්නේ ව්‍යවස්ථාව. ඔය ව්‍යවස්ථාව හැදුවේ බලලෝභී කුණු දේශපාලකයෝ වුනාට හදන්න බලය දුන්නේ ජනතාව. ව්‍යවස්ථාවකින් වෙන්න ඕනේ ජනතාවට හොඳක් මිසක් තුප්පහි දේශපාලක කාලකන්නින්ට හොඳක් නෙවෙයි. එතකොට මේ ව්‍යවස්ථාවෙන් ජනතාවට වෙලා තියන හොඳ මොනවද? රනිල් වගේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කාලකන්නින්ට ජනාධිපති තනතුරටම එන්න පුළුවන් නම්, ඕන ඕන වෙලාවට තමුන්ට ඕනේ විදියට එක හරවන්න පුලුවන්නම්, ජනතාව එපා කියන පාලකයෙක් යවන්නත් බැරි නම් ඕක සත පහකට වැඩක් නැති ලියවිල්ලක් නෙවෙයිද? එකක් මතක තියාගන්න. නීතියයි ව්‍යවස්ථාවයි තමුන්ට ඕනේ විදියට අර්ථකතන දීලා වංගු ගහලා බලයේ ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි. හැබැයි මේ ඔක්කොම ස්වභාව ධර්මයට යටයි. රාජපක්ෂ ලා සුදු රෙදි පොරවාගෙන මුළු රටම අන්දලා වැඩ කලේ. අද එකෙකුට එලියට බහින්න බෑ. වෙන රටකටවත් යන්න විදියක් නෑ . හැංගෙන්න වෙලා. මෙයා නවතින්නේ ඊට එහා දෙයක් කරගෙන. ඕවා තමා දිට්ඨ ධම්ම වේදනීය කම්ම. රනිල් පොත් ළඟ තියාගෙන හිටියට කියවපු බවක් නම් පෙන්නේ නෑ. අනිත් එක මාමගේ (J .R ගේ) නම් වලටත් එක්ක හෙන ගහන්න ඕනේ බලලෝභී කමට මේ වගේ කුණු ව්‍යවස්ථාවක් ගෙනත් මුළු රටක් ම වල දැම්මට.
අපි හැමෝම පිළිගන්න මේ තනතුරට සුදුසුම පුද්ගලයා ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා.
ප්‍රජාත්රන්ත්‍රවාදේ කියන්නේ බහුතරයට හිස නමනවා මිසක් හැම දෙනාම සන්තෝස කිරීම නෙමෙයි .
රනිල් යටතේ කිසිම තනතුරක් බාර ගන්න එපා අනුර. අහු වෙන්න නම් එපා.
ඉස්සෙල්ලාම ඔබතුමා අයින් වෙන්න...!
මේ සෙට් එකට තවම බැරි වුණානේ කතාව තිබුණාට මහජනතාවගේ කැමැත්ත ගන්න විපක්ෂයටවත් එන්න... රනිල් බිංදුවටම බැහැලා. ඒත් දක්ෂ කපටිකමත්, ජාත්‍යන්තර පිළිගැනීමත්, දැනුමත් නිසා හැන්ඩ්ල් කරනවා.
ගිලුණු රට ගොඩට අදින්න කිසිවෙකුට අවශ්‍ය නැහැ. නායකත්වය ගන්න පොර බදනවා ඇරෙන්න. ජූලි අවසන් වෙද්දි දෙයක් නම් වෙයි කියලා නිකම් හිතෙනවා.. මතක තියාගෙන ඉමු නේද බලන්...?
කවුරුත් පිළිගන්න ජනාධාපති කෙනෙක් අපිට ඕනෑ... රටම ප්‍රතික්ෂේප කරපු පාදඩ, බංකොළොත් දේශපාලකයෙක් නෙවෙයි...