ජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් බවත්, සිද්ධියට අදාල 35 හැවිරිදි පියා පොලිසිය අත්අඩංගුවට ගත් බවත් ජර්මන් පුවත් සේවා වාර්තා කර තිබේ.
එම තැතැත්තා සමඟ සිටි සිවු හැවිරිදි ඔහුගේ දියණිය පොලිස් බාරයට ගෙන ඇති බවත් ඇයට කිසිදු අනතුරක් නොමැති බවත් පොලිසිය පැහැදිලි කර තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් ප්‍රාණ ඇපකරු සිද්ධිය ආරම්භ වූයේ තරුණයා සිය මෝටර් රථයෙන් ගුවන්තොටුපොළට කඩා වැදී ගුවන් යානයක් හරස් කිරීමත්, ගුවන්තොටුපොළේ කටයුතුවලට බාධා කිරීමත් සමඟය.
පොලිසිය එම තරුණයා සමඟ පැය 18 ක් සාකච්ඡා පවත්වා අවසානයේ ඔහු යටත් කර ගැනීමට සමත් වූ බව ද පැවැසෙයි.
මෝටර් රථයෙන් පිටතට ආ තරුණයා කිසිදු විරෝධතාවක් නොමැතිව පොලිසියට බාර වූ ද ජර්මන් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හැම්බර්ග් නුවර ප්‍රාණඇපකරු සිද්ධිය අවසන්