IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාව CIPM අවදානයට

වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ පස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ට කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තේරී පත් විය.

ඔවුන්ට මෙම අවස්ථාව හිමි වූයේ ඔවුන් විසින් අනුගමනය කරන ලද නිවැරදි සෞඛ්‍ය හා ආරක්‍ෂක නීති රෙගුලාසි හේතුවෙනි.

HIPG මානව සම්පත් කළමනාකරණ කණ්ඩායම නියෝජනය කරන HIPG  හි, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, මානව සම්පත් සහ පරිපාලන -  ජීවන් එම්. ප්‍රේමසර, ජ්‍යෙෂ්ඨ කළමනාකාර මානව සම්පත් හා ප්‍රාදේශීය කටයුතු - බුද්ධික සඳරුවන්, මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු -  හසිත ලක්මාල් යන මහත්වරුන් විසින් “හම්බන්තොට වරාය සමූහයට සම්බන්ධව පශ්චාත් කොවිඩ්-19 වසංගතය තුළ මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයන්ගේ අභියෝග හා කාර්ය භාරය” යන මැයෙන් සම්පාදිත ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙවර සම්මන්ත්‍රණයේ තේමාව ‘‘ගෝලීය අර්බුද සහ අනාගතයේ කාර්යයන් සිදු කිරීම” වූ අතර දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ, පෞද්ගලික, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය සාධනය තුළ මානව සම්පත් කළමනාකරණ භාවිතයන්හි සඵලතාව කෙරෙහි සම්මන්ත්‍රණයේදී අවධානයට යොමු විය.

වසංගතය අතරතුර වරාය සිය එදිනෙදා මෙහෙයුම් කටයුතු කිසිවක් නතර නොකර තම කාර්යය මණ්ඩලය සාර්ථකව හසුරුවා ගත් ආකාරය මෙම ව්‍යාපාර පර්යේෂණ වාර්තාව මගින් ඉදිරිපත් කර තිබුණි.



අදහස් (0)

හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාව CIPM අවදානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 351 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site