හම්බන්තොට රෝහල ඉදිකිරිමේ ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇස්පෙන් මෙඩිකල් සමාගම මුදල් විශුද්ධිකරණය පිලිබඳ විමර්ශනයකට භාජනය වී ඇතැයි ඒ.බී.සී රූපවාහිනී නාලිකාවේ 'ෆෝ කොර්නර්ස්' වැඩසටහන අනාවරණය කර ගෙන ඇත.
ඇස්පෙන් මෙඩිකල් යනු ඕස්ට්‍රේලියාව පදනම් කර ගත් සෞඛ්‍ය සේවා සපයන සමාගමකි. 1961 දී විකාශය වීම ආරම්භ වූ ඒ.බී.සී රූපවාහිනී නාලිකාවේ 'ෆෝ කොර්නර්ස්' වැඩසටහන ඕස්ට්‍රේලියාවේ දූෂණ,වංචා,කාලීන සිදුවීම් සහ වෙනස්කම් පිළිබඳ විමර්ශනය කරන රූපවාහිනී වැඩ සටහනකි.
2012 හම්බන්තොට රෝහල ඉදිකිරිමේදී සැපයුම්,සේවා සහ යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් ඇස්පෙන් මෙඩිකල් සමාගම ව්‍යාපෘතිය ලබා ගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 18.8 රක්ෂණ සහතිකයක් එවකට අපනයන මූල්‍ය හා රක්ෂණ සංස්ථාවෙන් ඕස්ට්‍රේලියානු රජයේ විධිමත් සහාය ඇතිව ඇස්පෙන් සමාගම ලබාගෙන ඇති බව ඒ.බී.සී මාධ්‍ය ජාලය වාර්තා කළේය.
එවකට අපනයන මූල්‍ය හා රක්ෂණ සංස්ථාව වූ දැන් ඕස්ට්‍රේලියානු අපනයන මුල්‍ය සමාගම පාර්ලිමේන්තුවට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ හම්බන්තොට රෝහල ඉදිකිරිමේදී සැපයුම්,සේවා සහ යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් ඇස්පෙන් මෙඩිකල් සමාගමට රක්ෂණ සහතිකය ලබා දී ඇති බවයි.
'ෆෝ කෝර්නර්ස්' මාධ්‍යවේදීන් හම්බන්තොට රෝහල ඉදිකිරිම සඳහා කවදා හෝ සැපයුම් සහ සේවා සපයා තිබේදැයි විමසා ඇති අතර එහිදී ඇස්පෙන් මෙඩිකල් සමාගම පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඇස්පෙන් මෙඩිකල් සමාගම පවසා ඇත්තේ මේ සඳහා උප කොන්ත්‍රාත්තුවක් ඊ.එන් ප්‍රොජෙක්ට්ස් නම් නෙදර්ලන්ත සමාගමකට ලබා දුන් බවත් එම සමාගමට සැපයුම්කරුවන් 20 කට අධික ප්‍රමාණයක් සිටි බවත්ය.
කෙසේ වෙතත් ඇස්පෙන් සමාගම ශ්‍රී ලංකාවේ පළමු මුදල් ගණුදෙනුව ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2.1 ක මුදලක් බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත් හි ලියාපදිංචි සබ්‍රේ විෂන් හෝල්ඩින්ග්ස් නම් සමාගමකට ගෙවා ඇත.මෙම ගණුදෙනුව සම්බධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව ඇත.
එය ඇස්පෙන් සමාගම ගෙවූ මුළු මුදල වූ යුරෝ මිලියන 4.3 න් කොටසකි.මෙම සමාගමේ අයිතිකරු දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන පවුලක් වූ රාජපක්ෂ පවුලට සම්බන්ධකම් ඇති නිමල් පෙරේරා නැමැත්තෙකු බව 'ෆෝ කොර්නර්ස්' පවසයි.2016 දී නිමල් පෙරේරා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් එකතු කළා යැයි පාපොච්චාරණය කිරීම හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට සිරගත වීමට සිදුවුණු බව 'ෆෝ කොර්නර්ස්' ප්‍රකාශ කළේය.
ඔහුගේ පුද්ගලික බැංකු ගිණුම් වල තිබෙන මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ එය ඉතාලි ව්‍යාපාරිකයෙකුගෙන් ලැබුණු බවයි නමුත් එම ව්‍යාපාරිකයාගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට ඔහු සමත්ව නැත.
සබ්‍රේ හෝල්ඩින්ග්ස් සමාගමේ අයිතිය සම්බන්ධයෙන් පොලිසිය නිමල් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවත් ඇතැම් විට එය ඉතාලි මිතුරෙකුට අයිති එකක් විය හැකි බව පවසා ඇත.නමුත් පොලිසිය සමාගම් ලියකියවිලි පරික්ෂා කිරීමේදී අනාවරණය කර ගෙන ඇත්තේ සමාගමේ අයිතිකරු නිමල් පෙරේරා බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී වූ දූෂිත ගණුදෙනු ගැන හෙළිදරව්වක්‘