
(ඉන්දිකා රාමනායක)
මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම එම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව හමුදාව දන්වා සිටියි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුකිරීම ව්‍යාවස්ථාව අනුකූලව විසඳාගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටි බවද හමුදාව පවසයි.
ආරක්ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්ෂසක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්ෂරක හමුදාවන් එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හුදු නිවේදන පමණක් නොවී කටයුතු කිරීමට කාලය පැමිණ ඇත. මේ කඩාප්පල්කාරී ත්‍රස්තවාදීන්ට උන්ගේ ශෛලියෙන්ම පිළිතුරැ දී වර්තමානයේ පවතින "නීතියක් නැති තත්ත්වය" වහාම අවසන් කළ යුතුය.
මාස හයක හමුදා පාලනයකට රටම අතවනයි...! "සිංහල-කොටි" පුල්ලිය දොරට වැඩුම..!
අරගලය එකක්.ප්‍රචණ්ඩ කාරී බව තව දෙයක්.දැන් දකින්නේ ඒ අමන ප්‍රචන්ඩ කමයි.මේ නීවේදනයේ පරිදිම.කෙලින් වැඩ කරන්න කාට උනත් කමක්.නෑ.
ඉතාම සතුටුදායක ආරංචියක්, අරගලය එහි සීමාවන් ඉක්මවා ගොස් ඇත. දැන් එය ත්‍රස්ථවාදය දක්වා වර්ධනය වී ඇත. අරගල ඇවිලු වු දේශපාලන කන්ඩායම් මෙහි වගකීම භාරගත යුතුය.
හමුදාව ඔය දැඩි නිවේදනය දෙන්න තිබුනෙ ගොඩක් දවසකට කලින්. මම දැක්ක අර එයා පෝට් එක ලඟට ආපු ඔයා ආදරෙන් කරනව කියන අරගලේ එකෙක් සෙබලෙක් ලඟට ගිහින් තුවක්කුව අල්ලලා පපුවට තියාගත්තා තියන්න කියලා. අපි ආමි ඉද්දි ඔය වගේ එකෙක්ව අඩි ගානක් ඇතින් නතර කරනව, පණ වගේ ආරක්ෂා කරන තුවක්කුව ඇල්ලුවනම් හොක්ක කැඩෙන්න ගහනව තුවක්කු බට් එකෙන්. අර ටීවී එකත් උගේ පස්සෙන්ම ගිහින් නිව්ස් එක හොඳ නිසා. මටම පුදුමයි මේ සෙබලු කොහොම ඉවසන් ඉන්නවද කියල. රෙද්දෙ ආදරේ.
රනිල්! රනිල්! රනිල්!
රටේ තත්වය ඉතා බරපතලය...! මේ හැසිරීම පිළිකුල් සහගතය..! ලොවේ රූපවාහිනි මාධ්‍යවල පැයෙන් පැයට මේවා පෙන්වනවා..! රටවල් 9 ක් විදේශික සංචාරකයින්ට යාමට නුසුදුසුම රටක් ලෙස දැන් ලංකාව ගැන හංවඩු ගහලා තියෙන්නේ...! අප්‍රේල් මාසයේ තිබුණේ ආසියාවේ පළමු රටවල් දහය අතරය...! කොරෝනා වෛරසයට වඩා රටට හානියක් සිංහලයාම කරගත්තා නේද..?
ඇත්තටම ඉතාමත් හොඳ තීරණයක්. ජීවිත බිලිදෙමින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට වෙරදරන පක්ෂයක් අරගලය දැන් තමාගේ කරගනිමින් නැවතත් 88/89 භීෂණයට අතවනමින් සිටියි. ඊයේ දේශපාලන මණ්ඩල සභිකයෙකුට ගුටි පූජාවකුත් ලැබුණේ ඒ නිසයි. අරගලයේ අවංක නිර්පාක්ෂික තරුණයින්ට ජයවේවා..! බංකොලොත් දේශපාලන ජ.වි.පය ගිනිතැබීමට වෙරදරන මවුබිම රැකගනිමු...
ඔව්, මතක තියාගන්න. ඔයාලට වගකීම තියෙන්නේ මහජන ජීවිත සුරැකීමට. එහෙම නැතිව මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලකයෝ කීප දෙනෙක් සුරකින්න නෙවෙයි. ඒක ඔයාලාම හොඳින් තේරුම් ගන්න.
පසු වගකිම විරෝධතාකරුවො බලගන්න කියන්නෙ කොහොම්ද? මෙක කලේ හමුදාවක කැලෑ නීතියක්ද? රටක නීත්යනුකුල හමුදාවට වගකිමක් තියනව විරොදතාකරුවන්ව උනත් අරක්ශා කරන්න. දැන් ඉතින් ජාත්‍යන්තරයෙන්ම කන්න තමයි හදන්නෙ. ඔය විදියට ගියොත් ඔය හමුදාපතිය, මන්ඩලික ප්‍රධානිය ජාත්‍යන්තර අදිකරනයක එල්ල දාන්න නියම වෙයි.
ඔවුනට තේරෙන භාශාව ඔවුන් විසින්ම තොරා ගනිමින් සිටී.
මේක කියන්න පරක්කු වුණේ ඇයි? මීට කළින් මේක කරන්න තිබ්බේ... ගංජා කාරයොයි, කුඩු කාරයොයි මගුල් නටන්න කළින්...!
ඔය විදියටම වෙනවනං මාත් කැමතියි. මාත් අරගලයට ගිය මිනිහෙක්. කඳුලු ගෑස් කාල මාස 2 ට පස්සෙත් ඇහැ පේන්නෙ අඩුවෙන්. අරගල අල ගල කලෙ අන්තරේ. දැන් අන්තරේ මහලොකු ශිෂ්‍ය බැටෑලියන් එකට කන්න ලැබෙයි කහපාට බැටෑලියන් එකට වලඳන්න ලැබෙයි අඩුවක් නැතිවෙන්න. නන්දෙ වගෙද කිව්වලු බටලන්දේ
හමුදා භටයන් 2ට පහර දුන්නු අරගලකරුවන් අත්අඩංගුවට ගෙන මහපාරෙ වෙඩිතැබිය යුතුයි. අවියත් අතේදරාගෙන ඉවසීම රාජකාරිය කරපු එම නිලධාරීන්ට අපේ ගෞරවය...
ඒක හොඳයි...! ගහලා පන්නන්න.. රට තවත් වලපල්ලට යනවා...
අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්... ! වෙලාවක් නොමැතිව මේ ප්‍රචණ්ඩකාරීන්ව පාලනය කිරීමට නොහැකිය. දැන් අරගලය නැවැත්විය යුතුය.
සාමකාමී අරගලයට අත තිබ්බොත් ඔයාලාට හොඳටම හම්බවෙයි.
ඉතිහාසය ආපසු එන්න වගෙයි යන්නේ. ජවිපෙ ප්‍රවේශමෙන්!
ඔව්.ඉවසුවා ඇති..මොවුන්ගේ යටි අදහස් දැන් හොඳටම පැහැදිලියි..අර ඊයේ රූපවාහිනියට බලෙන් කඩා වැදිච්ච කල වැද්දා වගේ එකා කිව්වේ පෝය දවසේ බණ විකාශය මොකක්ද ඊට වැඩිය උන්ගේ අරගලය ලොකුයි කියලයි.මුන් එන්නේ වෙන පොටකට..හමුදාව වැඩේ පටන් ගත යුතුයි.
දූශිත දේශපාලනය වෙනස්කල යුතුයි. ඒ් ගැන වදයක් නෑ. වෙනස් කිරීඑමට හැකි අවස්තවක් පසුගිය දිනවල ආව. ඒත් එය ප්‍රයෝනයට ගත්තෙ නෑ .දැන් මෙක ප්‍රචන්ඩයි. මේ රටෙ අති බහුතරය ප්‍රචන්ඩත්වය ප්‍රතික්ශප කරනව. ඒ් නිසා මෙම තීරනය අගේ කරන අය බොහොමයි. අපි ගරු කරනව ආරක්ශක අංශ මෙතෙක් කල ඉවසීම. අරගලකරන්නන් දැන්වත් බුද්මත් වෙන්න.
දැනටමත් හමුදා තුවක්කු පැහැරගෙන. ඊලඟට නාදුනන තුවක්කුකරුවන් එලියට බහියි. අරගලවලට
මේ විරෝදතා වල නිරත වන්නේ බංකොලොත් රටක අපේක්ෂා බන්ගත්වයට පත්වූ රටේ මහජනතාව , පිනා චාන්ස් එකකින් බලයට ආපු තක්කඩියෙක් ගේ කීමට හමුදාව මිනිස්සු මැරුවොත් ඒ ගොලොන්ට වෙන්නත් රාජපක්ෂලාට උන දේම තමයි
දැන් කරන්න තියෙන්නේ රනිල්ටම ජනාධිපතිකම් කරගෙන යන්න දීලා අන්තර්කාලීන අගමැති කෙනෙක් සහ ආණ්ඩුවක් පත්කොට හැකි ඉක්මණින්ම මහ මැතිවරණයකට යාමය...
මේවා කරන්න තිබුණේ මීට කළින්. ත්‍රස්තවාදී වැඩවලට වැඩි ආයුෂ නෑ...
හරියටම හරි. දේශපාලන අරගලය වෙනමම කාර්යයක් රටේ ආරක්සාවට අත පොවන කිසිදු මිනිහකුට කිසිදු ආකාරයක සමාවක් දෙන්න එපා. මොකද මේ අයුරින් රටේ සාමය හා ආරක්ෂාව නැති වුනොත් අපේ බදු මුදලින් ඉදිකරපු ගොඩනැගිලි නැවත වරක් ඉදිකිරීමට සිදු වේ. එම මුදල්ද අප ව්සින්ම ගෙවිය යුතු වේ. අනෙක මෙම රටේ ප්‍රධාන ආයතන තුළට විවිධ ආකාරයේ පුද්ගලයන් නිදහසේ ගැවසීම ඡායා රූප ගත කිරීම එහි පවතින රහසිගත ස්ථාන හදුනා ගැනීම ආදි කාර්යයන් දැනටමත් සිදුකර හමාරය. මා දන්නා තරමින් මෙම ගොඩනැගිලි තුළට මින් ඉදිරියට රාජ්‍ය නායකයින් ඇතුලුවීම විශාල ගැටලුකාරී තත්ත්වයකි. එමෙන්ම විදෙස් නායකයින් මෙම ආයතන තුළට පැමිනේ ද යන්න ගැටලුවකි. අපේ ජීවිත බේරාගත් හමුදාවනී ඔබගේ බලය පාවිච්චි කිරීමට හොදම කාලය උදා වී ඇත. අරගය කළ යුත්තේ අරගල කරුවන් මිස ත්‍රස්තවාදීන් නොවේ. ත්‍රස්වාදීන් මෙම මාතෘ භූමියෙන් ඉවත්කළා මෙන්ම මෙම ත්‍රස්තවාදීන්ද ඉතා කඩිනමින් ඉවත් කළ යුතු වේ.
ඉන්දියන් හමුදාවෙන්වත්ද?
15% වගේ වෙන ඊනියා අරගලකාරයින්ට අයිතිවාසිකම් ඇත්නම් 85% අපගේ අයිතිවාසිකම් රකින්න හමුදාව සිටිය යුතුයි. වැදගත් තීරණයකි...
දැන්වත් රටේ සාමාන්‍ය මහජනතාව ගැන හිතලා මේ වගේ තීරණයක් ගැනීමට හැකිවීම පිළිබඳව ත්‍රිවිධ හමුදාවට අපගේ ආචාරය..!
දැන් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට කරගෙන යන්න දෙමු... ගෑස් ටික ගෙනැල්ලා දුන්නු එකම කොච්චර ලොකු දෙයක්ද?
ජයවේවා...!
මෙය විය යුතුමයි. මෙතෙක් ප්‍රමාද වීම නිසා මේ මිනිස්සු ඕවර් ගියා. කෙනෙක් කිව්වා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා මුකුත් නෑ කියලා. මේ මිනිස්සුන්ට බලයට එන්න ඕනෑ නම් ඡන්දෙකට ඉල්ලලා එන්න ඕනේ. මේ නිසා දැඩි පියවර ගත යුතුමයි. ඒ වගේම ජනාධිපති සහ ජන බලයක් නැති අගමැති දෙන්නම ඉවත්විය යුතුමයි.
සාමාන්‍ය ජනතාව, ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් කෙරෙහි තිබුණ ආදරය, දයාව සහ කරුණාව, පාලකයින් විසින් නැති කරලා දැම්මා... හරිම කණගාටුයි ඒකට...
මීට කළින් රටේ හිටිය දේශපාලනඥයින් මේ ගැන හිතන්න තිබුණා. රට කාබාසිනියා කළේ මොවුන්. සම්පූර්න වගකීම මොවුන් ගන්න ඕනෑ...!
මාස ගාණකට පස්සේ උණු ලේවලින් හදවත පිරිලා ශරීරය පුරාම ගලාගියා...!
මෙතරම් අසීරුතා මැද ජීවිතේ ගෙවන මිනිස්සු හට කිසිම ආරක්ෂාවක් අනාගතේ නොලැබෙන බව මෙම ප්‍රචණ්ඩකාරීන් හැසිරෙන ආකාරයෙන් වටහා ගත හැකිය. පොලීසිය සහ ආරක්ෂක හමුදාවල නිශ්ශබ්දතාවය නිසා රට තුළ සිවිල් නීතිය සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතියි. තවමත් නීතිය ක්‍රියාත්මක කිරීමට පරක්කු නැත..
අවසාන වශයෙන්.....මෙය සිදු විය යුතුව තිබුණේ මීට මාස කිහිපයකට පෙර... මෙනයම් හරි මෝඩයෙක්, තක්කඩියෙක් රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ හෝ පුද්ගලයකු විනාශ කරන්නේ නම් දුටු සැණින් වෙඩි තියන්ඩ.
ත්‍රිවිධ හමුදා, විශේෂ බලකාය හා පොලිසිය නියමිත රාජකාරි කරන්න පසුබට වෙන්න එපා...
පෙට්‍රල් අරන් වැඩි ගාණට විකුණන අයව අල්ලන්න...
රට වලපල්ලට යවන්න දායක වෙච්චිඅය කොච්චර ඉන්නවද කියලා මේ උඩින් තියෙන අදහස් බලපුවාම පේනවා. ඔහොමම යන්න...