IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හමුදා සෙබළියෝ විරෝධතාවක

(ඉන්දිකා  රාමනායක)

කොකාවිල් සිට වව්නියාව  මැදවච්චියට ලබා දී ඇති  ස්ථාන මාරුවකට එරෙහිව  කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන්  කඳවුර අසල මාර්ගයේ සිට ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

යුද හමුදා ඉතිහාසයේ හමුදා සෙබළියන්  පිරිසක් මේ අයුරින් උද්ඝෝෂණයක නිරත වු ප්‍රථම අවස්ථා මෙය විය.

තමන් 2012 වසරේ සිට  කොකාවිල් කදවුරේ සෙබළින් 129  දෙනෙකු සේවය කරන බවත්, වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කරදෙන  ආසන්න වෙනත්  කඳවුරක ට රාජකාරි සදහා අණුයුක්ත කරන ලෙසට ඉල්ලා මෙම පිරිස විරෝධාවේ  නිරත වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  හමුදා ප්‍රකාශක  බ්‍රිගේඩියර්  රවී හේරත් මහතාගෙන් කළ විමසුමකදී   ඒ මහතා පැවසුවේ මෙම  සෙබළින් හමුදා පුහුණුව  ලබා ඇති සෙබළියන් නොවන බවත්,  ඔවුන් යම් යම් ව්‍යපෘති වෙනුවෙන්  හමුදාගත පදනම යටතේ බවද ගත් පිරිසක් බවයි.

හමුදවේ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ,  මෙම කදවුරේ පිරිස මැදවචිචිය  කදවුර වෙත සම්බන්ධ කිරීමට සුදානම් කර ඇති බවයි.

මෙම  ප්‍රතිව්‍යූහගතකරණ  සිදු කිරීමේ අපහසුතාවට පත් වන සෙබළියන්ට ඔවුන්  පදිංචි ප්‍රදේශයේ ආසන්න කදවුරු වල රාජකාරි කිරීමට හැකියාව ඇති බවත්, එසේ තිබියදී කිසිවකුගේ ආසත්‍ය ප්‍රචාර වලට රැවටී මොවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කීය.

මේ සම්බන්ධයෙන් හමුදාව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, හමුදා නීතිය අනුව හමුදාවේ කිසිවකුටත් විරෝධතා, උද්ඝෝෂණ වලට  සහභාගි වීම පසුරා තහනම් හෙයින් මෙම උද්ඝෝෂණයට යම් සෙබළියන් පිරිස් සහභාගි වී ඇති නම්, ඔවුන්ට එරෙහිව විණ්‍යානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (3)

හමුදා සෙබළියෝ විරෝධතාවක

ravin Wednesday, 17 May 2023 04:24 PM

හමුදා විනය? මේ රට යන්නේ කොයි දිසාවටද කියලා කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද?

:       8       16

ලක්මාල් Wednesday, 17 May 2023 09:34 PM

සියලුම දෙනා යුද හමුදා සේවයෙන් අයින් කරන්න ඕනේ...!

:       0       0

Bunny Preena Thursday, 18 May 2023 09:50 AM

මෙවැනි ක්‍රියාවන් නිත්‍ය බල සේනාවක්නම් කීයටවත් කරන්නෙ නැහැ. කවුරුන් හෝ නොමග යවන්න කටයුතු කර ඇති බවකුයි පෙනෙන්ට තිබෙන්නෙ. එම පුද්ගලයා හෝ පුද්ගලයින් වහාම නීතිය හමුවට පමුනවා දඩුවම් ලබා දිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site