(සුමිත් පොතුපිටිය)

පෙම් සම්බන්දයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ පුවතක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක අංශයකට සම්බන්ද තරුණියක ඇතුළු පිරිසක් සොයා  පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි .

පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි.

පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැර ගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කර ගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවත් පොලිසිය කීය.

පිංවත්ත ප්‍රදේශයේදී තවත් කිහිපදෙනකු සමග ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණිය, තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදා හැර ඇති බව පොලිසිය පවසයි.

පැහැර ගැනීම සිදුකළ බව කියන තරුණිය සහ ඇය සමග පැමිණි පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.