(තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පිටවෙලගෙදර රත්නායක මුදියන්සේලාගේ කසුන් ප්‍රසාද් රත්නායක නමැති 29 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.
යතුරුපැදියෙහි ගමන්ගත් අය යතුරු පැදියෙන් බැස ඒ අසල නැවතී සිටියදී මෝටර් රථයෙහි ගැටී ඇති අතර ගම්පහ රෝහල වෙත රැගෙන යනවිට මිය ගොස් ඇත.
මෝටර් රථය පැදවූ තැනැත්තා යුධ හමුදාවෙහි නිලධාරියකු වන බවත් ඔහු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවල හා පොලිසියේ නිලධාරීන් වාහන භාවිතාකරන ආකාරයත්, ඒ අයගෙන් ඇතැමුන් අවිනිතව රියපැදවීම පිළිබඳවත් අධික්ෂණය කිරීම අතවශ්‍ය කටයුත්තක් බව නව ජනාධිපතිතුමා හා විජිත හේරත් ඇමැති තුමාගේ අවධානයට යොමුකරමි....!