(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දිනකට රෝගීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන හෝමාගම මූලික රෝහලේ විකිරණ , ලිංගාශ්‍රිත , අක්ෂි රෝග සහ ශල්‍යාගාරය ඇතුළු ප්‍රතිකාර අංශවල විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් එහි ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු පවසති.
ඒ අනුව ශල්‍යාගාරයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම ඉකුත් 01 දා සිට සේවයට වාර්තා නොකිරීමෙන් ශල්‍යාගාරයේ ශල්‍යකර්ම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි පැවසේ.
මේ හේතුවෙන් ශල්‍යකර්ම සඳහා දින දුන් රෝගීන්ගේ ශල්‍යකර්ම සිදු නොවීම නිසා අපහසුතාවයට පත් රෝගීන් කාර්ය මණ්ඩලයට අප්‍රසාදය පළ කරමින් පසුගිය දින කිහිපය පුරා නොසන්සුන්ව හැසිරී ඇති බව වාර්තා වේ.
හෝමාගම මූලික රෝහල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි විශේෂිත රෝහලක් වන අතර ඉන් දිනකට රෝගීන් දහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙයි. ඉන් වැඩි පිරිසක් විවිධ ශල්‍යකර්ම සඳහාද යොමු කරනු ලබන අතර අධිවේගී මාර්ගයේ සහ වෙනත් මාර්ගයන්හිදී සිදුවන රිය අනතුරු වලින් ද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් හෝමාගම මූලික රෝහල වෙත රැගෙන එන බව ජනතාව පවසති.
මේ පිළිබදව හෝමාගම මූලික රෝහලේ බලධාරියෙකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ. හෝමාගම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ගේ අඩුපාඩුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන්නෙ.ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී යහපත් ප්‍රතිචාරයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd