(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම දියගම පිහිටි සරසවියේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී ය අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොතුහැර කටුපොත "නන්දන ගෙදර" පදිංචි නවුම්පලගේ මලිත් යශෝධ (25) හැවිරිදි දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බව පොලිසිය කියයි .
මෙම සිසුවා නිවාඩු ලබා නිවසට ගොස් සිට ඉකුත් 01 දා නැවත සරසවියට පැමිණ ඇති අතර ඔහු සමඟ නේවාසිකාගාරයේ කාමරය තුළ සිටින අනෙක් මිතුරා නිවාඩු ලබා පැමිණ නොසිටීම හේතුවෙන් මොහු පමණක් කාමරයේ සිට ඇතැයි පැවසේ .
ඒ අනුව 02 දා දහවල් වනතෙක් මොහු කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා වෙනත් මිතුරෙකු ඔහු නිදා සිටින කාමරය අසලට ගොස් බැලීමේදී ඒ තුළ ඔහු නිදා සිටිනු දැක ඇතැයි පැවසේ.
පසුව එම මිතුරා කාමරය තුලට ගොස් අවදි වන ලෙස මොහුට කතා කළ ද ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මිතුරා ඔහු අසලට ගොස් සිරුරට අත තබා නැගිට්ට වීමට සූදානම් වීමේ දී ඔහුගේ සිරුර සීතල බවකින් යුක්ත වීම නිසා, සැක සිතී ඒ බව පාලනාධිකාරිය දැනුවත් කොට ක්ෂණයකින් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇතැයි පැවසේ.
එහිදී මෙම සිසුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය අනාවරණය කර ගැනීම සඳහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චිත්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමාගම තාක්ෂණ පීඨ සිසුවෙකු අභිරහස් ලෙස මියයයි
sampath Wednesday, 04 January 2023 06:58 PM
මුලින් ලිෆ්ට් එකෙන් වැටිලා සේවකයෙක් මැරුණා... දැන් මාස කීපයකින් තවත් එකක්... මේවා ස්වභාවික ඒවා වෙන්න පුළුවන්... ඒත් කවුරු හරි කළින් දැක්කා නම් මේ ළමයාගේ ජීවිතේ බොරගන්න තිබුණා. හොස්ටල්වල ඉන්න කොට දැන් වෙනදා වගේ නෑ. අපිට නම් ඒ කාලේ රංචු ගැහිලා ඉන්නේ නිතරම...