(බිඟුන් මේනක ගමගේ)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතිය බිදවැටීම හේතුවෙන් එක්දින ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අක්‍රිය වීමෙන් පසුව එම සංගමය අදාළ වෙබ් අඩවිය පිළිබඳ කළ විමර්ශනයකින් පසුව හෙළි වූ කරුණු මත මෙම ඉල්ලීම කර ඇත.
වෙබ් අඩවියට අදාළව උපස්ථ පරිගණක පද්ධතියක් (Backup system) පවත්වාගෙන යාමට කටයුතු නොකිරීම ඊට මූලිකව බලපා ඇති බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.drp.gov.lk) යල්පැනගිය වෙබ් අඩවියක් බවට හදුනාගැනීමට හැකි වූ බවත් මෙම වෙබ් අඩවිය සතුව SSL Encryption ආරක්ෂණ සහතිකය නොහොත් (HTTPS) නොමැති නිසා මෙම වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයන්ගේ දත්ත හැකර් ග්‍රහණයට නතුකර ගැනීමට ලෙහෙසියෙන්ම හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
තවද මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ පුද්ගලයා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ යොමුවක් (Link) එම වෙබ් අඩවියේ පහළ සඳහන් කිරීම පිළිබඳව ගැටලුවක් පැනනැගෙන බවත් රාජ්‍ය දෙපාර්තුමේන්තුවට අයත් වෙබ් අඩවියක් තම පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා යොදාගැනීම රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටින බව එහි සඳහන් වේ.
පරිගණක පද්ධතිවල බිඳවැටීම් හමුවේ වුවද මහජනතාවට අඛණ්ඩව සේවය සැපයීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල උපස්ථ පරිගණක පද්ධතියක් (Backup System) පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඔක්කොම වැඩිහිටියන්ගේ පෞද්ගලික තොරතුරු මේ දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේ තරම් නොසැලකිල්ලෙන් නම් මුන් වැඩ කරන්නේ අපට දෙයියන්නෙම පිහිටයි. කොමසාරිස්ගේ ඉඳල ඔක්කොම ගෙදර යවන්න ඕන.
වෙබ්සයිට් එකක් අටෝගන්ඩ පුළුවන් හැම කෙනාටම නිවැරදි දැනුම නැහැ. මේ ආයතනය පුද්ගලයෙකුට ලබාදෙන්න. මේ කර තිබෙන වැඩේ නින්දිතයි, සෝචනීයයි.
ෆේස්බුක් ගිණුමේ යොමුවක් (Link) එම වෙබ් අඩවියේ පහළ සඳහන් කිරීම රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්... අධෝමැයි..! එහෙනං රජයේ සියලු වාහනවල නිෂ්පාදකයාගේ ලාංඡන ගලවා දමන්න වෙනවා. තව රාජ්‍ය ආයතන පාවිච්චි කරන පොත්පත්වල ආදියේවත් වෙබ් අඩවියක යොමුවක් තිබ්බොත් විනාශයි! රාජ්‍ය ආයතනවල පාවිච්චි කරන පරිගණක හාඩ්වෙයාර්වල හෝ සොෆ්ට්වෙයාවල උදව් පිටුවක වත් නිෂ්පාදකයෙකුගේ වෙබ් අඩවියකට යොමුවක් තිබ්බොත් ඒත් ප්‍රශ්නයක් වෙයි නේද? ඩෙස් පුටුවල නිෂ්පාදකයින්ගේ ස්ටිකර් එහෙම ගහලා තියෙනවද කියලත් බලන්න වෙයි. අධෝමැයි මෙහෙමත් රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් යැයි කියන දේවල්! මට හීනත් යනවා!
වෙබ් අඩවිය ඉන්ටර්නල් සිස්ට්ම් වලට කනෙක්ට් කරන්නේ නෑ. අදාල පුද්ගලයා සමහරවිට ෆෙස්බූක් පේජ් ඇඩ්මින් විදියට අැති පේජ් එකකට පර්සනල් යොමුවක් ඕනේ. නිර්මාණය කරපු කෙනාට වරදක් කියන්න බෑ. හැක් කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඕපෙන් තියන ස්ටැටික් අඩවියක්. කියවන කෙනාට තේරුම් යන්නේ මුලු දෙපාර්තමේන්තුවේම පද්ධතිය අනතුරේ කියලයි.
ඔය කියන වෙබ් අඩවියේ තියෙන්නේ ස්ථිතික අන්තර්ගතයක් (static content) නේ? එක ෆෝම් එකක්වත් පේන්න නෑ. ඉතින් ඕකට පිවිසෙන අය තමන්ගේ පෞද්ගලික තොරතුරු ඊට ඇතුලු කරන්නේ නැහැ. තවද දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ඒ ඒ තැනැත්තාට පමණක් හෝ වෙනම් සීමිත බලයලත් පිරිසකට පමණක් බලාගත හැකි පරිද්දෙන් බෙදාහැරීමකුත් එම වෙබ් අඩවියෙන් සිදුවන බවක් පේන්නත් නැහැ. ඇත්තේ පොදු තොරතුරු. ඔහොම වෙබ් අඩවියක නෑ කියලා පරික්ෂණ කරන්න කියන්නේ මොකටද? පොදුවේ හැමෝටම බෙදාහැරිය හැකි තොරතුරු නැතුව බෙදාහරින වෙබ් අඩවි ලොව බොහෝ පවතිනවා. නව ප්‍රවණතාවය නම් එවන් වෙබ් අඩවිවලත් පාවිච්චි කිරීම. ඉතින් ඕකට කියන්න තිබ්බේ.... පාවිච්චි කරනවා නම් හොඳයි, හදිස්සියක් නැතුව අවුරුදු ගණන් වැය කරන්නේත් නැතුව අනාගතේ හැකිවිටෙක එහෙම කරන්න කියලා විතරයි.