
(විමුක්ති එස් රුද්‍රිගු)
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්පතක් රැගෙන ඒමට අමතක වීම හේතුවෙන් එහි නිලධාරීන් ඔහු ආපසු හැරවා යැවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට තමන් අයත් ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත බොරිස් ජොන්සන් ගිය අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ දීමට ඔහුට සිදුව ඇත.
ආපසු හැරී ගිය බොරිස් ජොන්සන් පසුව පිළිගත හැකි හැඳුනුම්පතක් රැගෙන ඇවිත් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡායාරූපය සහිත පිළිගත් හඳුනුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට හඳුන්වා දුන් නීතියද ඔහුගේ රජය විසින් 2022 වසරේදී සම්මත කරන ලද්දකි.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැඳුනුම්පත නැතිව ගිය අගමැති ඡන්ද පොළෙන් පන්නයි
Chandana Friday, 03 May 2024 05:09 PM
නීතිය සැමට එක ලෙසට, සුද්දා කියන්නේ ඒකයි...!
ShanthiSaturday, 04 May 2024 01:01 AM
ඔබ අපි පතන එවන් වාසනාවන්ත, අවංක නීතිගරුක රටක් ඉතාම ඉක්මනින් බිහිවේවා...!!! මාලිමාවට ජයවේවා..!!!
Prabha Friday, 03 May 2024 05:20 PM
ලංකාවෙන් වෙන්නේ පස්සෙන් යන කටුකන බල්ලන් ටික ඡන්ද පළ බිමට සමතලා කරන එක...
Ananda Friday, 03 May 2024 06:39 PM
සහතික ඇත්ත ලංකාවෙ වෙන්නෙ අදාල ප්‍රදේශයේ දේශපාලුවා සරමත් උස්සගෙන මැරයො පිරිවරා ගෙන ඇවිල්ලා ඡන්ද මධ්‍යස්ථානය බිමට සමතලා කරාවි අන්තිමට SPO තමයි වැරදි කාරයා වෙන්නෙ
අරවින්ද මොනරවිල Friday, 03 May 2024 06:26 PM
බොරිස් ජොන්සන් හිතුවද දන්නේ නැහැ ඡන්ද තියෙන්නේ ලංකාවේ කියලා...!
සනුක Friday, 03 May 2024 07:21 PM
ලංකාවේ එක්කෙනාට වුණානම් නිලධාරීන් පිරිස තමයි ඡන්ද පොළෙන් පන්නන්නේ...!
commenter Saturday, 04 May 2024 02:40 AM
මේ සුද්දෝ වගේ මිත්‍යාදෘෂ්ටිකයින් බොහෝ වේලාවට බලය ලබන්නේ සුළු පුණ්‍ය කර්ම වලින්. ඒකයි ඔවුන්ගේ බලය මදි... නමුත් ආසියානු රටවල නායකයින් බොහෝ වෙලාවට බලය ලබන්නේ මුනිවරුන්ට හෝ ධර්මයට ගරු කිරීම ආදී පුණ්‍ය කර්ම වලින්. ඒකයි ඔවුන්ගේ බලය පෞද්ගලිකව වැඩි.
sam Saturday, 04 May 2024 01:27 PM
ලංකාවේ නම් ID එක ඉල්ලපු නිලධාරියාට ගහලා එළවලා... බලෙන්ම ඡන්දෙ දාලා... රතිඤ්ඤා පත්තු කරලා යකා නටනවා. ලංකාව විනාශ කළේ සහ කරන්නේ දේශපාලුවන්...
Bernard Perera Saturday, 04 May 2024 04:26 PM
මාලිමාව රට හරි මාර්ගයට ගේනවා. රටට අවශ්‍ය තරුණ නායකයෙක්ගේ පාලනයක්. දැනට ඉන්න නාකිරාළලා ටික ලිං මැඩියෝ වගේ. වසර හැට පහත් දේශපාලකයෝ රට බං කළොත් කළා. රටේ වටිනාම සම්පත් විකුණා දැම්මා. පාර්ලිමේන්තුවයි මාළු කඩේ දෙකම එකයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පට්ට දූෂිතයින්..