
( බී. ජී. චතුරංග)
හඳුන්කූරු වෙළඳාම් නිරත වන මුවාවෙන් ලොරි රථයක තට්ටුව කපා, සූක්ෂම ලෙස කුටි දෙකක් සකස් කර ඒ තුළ සඟවා රුපියල් කෝටි 3කට වැඩි කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු, එම ලොරි රථය සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිලිනොච්චිය පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලොරි තට්ටුව කපා චැසියට බද්ධ කර සාදා තිබූ විශාල ප්‍රමාණයේ රහස්කුටි දෙකක් සකසා තිබූ බවත්, එම ලොරි රථයේ රුපියල් තුන් කෝටි 48 ලක්ෂයක් වටිනා කේරළ ගංජා කිලෝ 87ක ප්‍රමාණයක් සඟවා තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන කේරළ ගංජා කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන විත්, මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවත් කියයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඳුන්කූරූ විකුණන මුවාවෙන් ගංජා ඇදලා
විකුම්පාල Friday, 18 April 2025 01:35 PM
ලොකු වෙනසක් නෑ. දෙකේම දුමනේ... අල්ලපු එකත් පොටෝ එකට ඉන්නවා ලස්සනට. මම නම් ඕවාට නෑ කියනවා වගේ.