
(අංජුල මහික වීරරත්න)
මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.
දැනට මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000කි.
ඉන් මෙට්‍රික් ටොන් 40,000ක් දේශියව නිෂ්පාදනය කරන අතර ඉතිරි ප්‍රමාණය ආදේශක තෙල් සමග මිශ්‍ර කර පොල්තෙල් ලෙස වෙළෙඳපලට සැපයීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.