
(සුරංග රාජනායක, ගයාන් සූරියආරච්චි, ජේ.ඒ.එල්. ජයසිංහ, ධම්මික ගුණවර්ධන, සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර හන්තාන කන්ද පෙරේදා (2) තරණය කරමින් සිටියදී අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 180 දෙනකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු පැය දහයක පමණ මෙහෙයුමකින් අනතුරුව මුදවා ගැනීමට හැකිවූ බව මහනුවර මූලස්ථාන පොලිසිය සහ මහනුවර 111 වැනි යුද හමුදා බලසේනාංකය පවසයි.
මුදවා ගත් සිසුන් අතරින් එක් සිසුවකු සහ සිසුවියන් 2 දෙදෙනකු ගිලන් රථයකින් මහනුවර මහ රෝහල වෙත පිටත් කර යැවීමට යුද හමුදාව සහ පොලිසිය පියවර ගත් අතර සිසුවකු සහ සිසුවියක අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කෙරිණි.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පෙරේදා (2) පෙරවරු 11.00 ට පමණ හන්තාන කන්ද තරණය කිරීම සදහා පිටත්ව ගෙස් තිබූ ඇති අතර සවස 5.30 පමණ වන විට මීදුම, අධික සීතල, අඳුර සහ වැස්ස හේතුවෙන් මාර්ගය මග හැරී අතරමංවී සිටි බව පොලිසිය කියයි.
අතරමංව සිටි සිසුන් පිරිසක් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලබාදුන් පණිවුඩයක් මත රාත්‍රී 11.00 ට පමණ පොලිස් කණ්ඩායම් සහ යුද හමුදා භට පිරිස් අතරමංව සිටි සිසුන් සොයා මෙහෙයුම් ආරම්භ කළහ.
අධික වැස්ස හේතුවෙන් හන්තාන කන්ද තරණය කරන මාර්ගය කැඩී ගොස් තිබූ අතර රාත්‍රී 1.00 ට පමණ තවත් යුද හමුදා කණ්ඩායමක් කැඳවීමට සිදුවිය. පසුව 40 ක ආසන්න යුද හමුදා භට පිරිස් සහ පොලිසිය එක්ව සිසුන් බේරාගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම ඊයේ (3) අලුයම 4.00 පමණ වන තෙක් සිදුවිය. තම දරුවන් දැකගැනීමේ අභිප්‍රායෙන් විවිධ ප්‍ර දේශවල සිට මවුපියන් රැසක් හන්තාන කන්ද පාමුලට පැමිණ සිටි අතර ප්‍ර දේශවාසීහු විශාල පිරිසක් ද එක්රැස්වී සිටියහ.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක සහ මහනුවර 111 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සිසුන් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙනුවෙන් වැය වූ කාලයට, ශ්‍රමයට අදාලව වටිනාකමක් මේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් අයකර ගත යුතුමයි.
මොලේ කලඳක් තියෙන කෙනෙක් මේ තරම් වහින කාලේ හන්තාන නගිනවාද?
විවි සිසුන් විසින් නිරන්තරයෙන් "අට සමතුන්" යැයි සමච්චලයට ලක්කරන ආරක්ෂක හමුදාවේ සහය ඔවුන්ටම අවශ්‍ය වීම දෛවෝපගතයි.
ඇමේසන් වගේම හන්තානත් විශාලයි...
GOMA නඩය විසින් ප්‍රතික්ෂේප කරපු 1990 සුවසැරියේම පොඩි GOMA ලට යන්න වුණු එකනම් ශෝක්. දැන් අවුලක් නැද්ද දන්නේ නෑ...
මොවුන්ගේ කොහේවත් තියෙන අමාරුවකට ගිහිල්ලා අතරමං වුණාම ජනතාවගේ බදුමුදල් නාස්ති කිරීම සාධාරණද?