(කේ. බුද්ධික කුමාරසිරි)
පැදියකින් යමින් සිටි යුද හමුදා සෙබලෙකු එක්වරම මාර්ගයේ ඇද වැටීමෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ යුදහමුදා කඳවුරකට අනුයුක්ත සාමාන්‍ය සෙබලෙකු වන නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෙට්ටිආරච්චිගේ නිස්සංක 32 හැවිරිදි පුද්ගලයෙකි
මියගිය හමුදා සෙබලා තමා සේවය කරන පනාගොඩ ප්‍රදේශයේ නිළධාරියෙකු ගේ නිවසට යතුරු පැදියකින් යමින් සිටියදී බියගම බණ්ඩාරවත්ත දෙස සිට පාලම හරහා කඩුවෙල දෙසට පැමිණ යකඩ පාලම අසල යතුරු පැදිය නවත්වා ඇත. එම අවස්ථාවේදී ම එම පුද්ගලයා මාර්ගය දෙසට එක්වරම වැටීම නිසාවෙන් මෙලෙස එම අවස්ථාවේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවී ඇතැයි ද පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd