(යොහාන් භාසුර)
හැදුනුම්පත් සඳහා වර්තමානයේ ලැබෙන අයදුම්පත් ප්‍රමාණයට කාඩ් නිකුත් කිරීමට ප්‍රමාණවත් කාඩ් තොග ඇති බවත් එම ආනයනික කාඩ්පත් කළමණාකරණය කිරීමේ උපායමාර්ගය ලෙස පාසල් අයදුම්කරුවන්ට පමණක් ජාතික හැදුනුම්පත ‘තහවුරු කිරීමේ ලිපිය’ නිකුත් කළ බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.
වර්තමානයේ සාමාන්‍යයෙන් ජාතික හැදුනුම්පත් අයදුම්පත් ලක්‍ෂයක් පමණ ලැබෙන බවත් දෙපාර්තමේන්තුව සතුව කාඩ්පත් ලක්‍ෂ 5 කට අධික ප්‍රමාණය එම පිරිසට හැදුනුම්පත නිකුත් කිීමට ප්‍රමාණවත් බවත් ඒ මහතා කීය.
වසරකට පාසල් අයදුම්කරුවන් ලක්‍ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් ජාතික හැදුනුම්පත අයදුම් කරන බවත් ඒ අයදුම්පත්වල අඩුපාඩු තිබීම නිසා එම ජාතික හැදුම්පත්වලින් සියයට 10 ක් පමණ නැවත සකස් කිරීමට යොමු කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
පාසල් අයදුම්කරුවන්ට පළමු අවස්ථාවේදීම කාඩ්පත් නිකුත් කළහොත් කාඩ්පත් අපතේ යෑමක් වන නිසා පාසල් දරුවන්ට නිකුත් කරන තහවුරු කිරීමේ ලිපිය ජාතික හැදුනුම්පතට සමාන ඡායාරූපය ඇතුළු සෙසු සියලුම තොරතුරු ඇතුළත් වන බව කී ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා උසස් අධ්‍යාපන ආයතන, බැංකු ඇතුළු මූල්‍ය ආයතන, ආගමන විගමන සහ මෝටර් රථ ප්‍රවාහන යන දෙපාර්තමේන්තු ඇතුළු සියලුම ආයතනවලට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අතර එම සියලුම ආයතන පිළිගන්නා බව ද සඳහන් කළේය.
වියදම් කළමනාකරණය කිරීම සඳහා පාසල් අයදුම්රකැරවන්ට 2018 සිට ‘තහවුරු කිරීමේ ලිපිය’ නිකුත් කිරීමේ උපක්‍රමය අනුගමන කරන බව කී ඒ මහතා පැවසුවේ 2004 වසරේ උපත ලැබූ දරුවන්ගේ හැදුනුම්පත මේ වන විට මුද්‍රණය කරලා අවසන් අතර 2005 වසරේ උපත ලැබූ දරුවන්ගෙන් කාඩ්පත් මුද්‍රණය කිරීම ආරම්භ කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද? මෙවැනි කාඩ්පතක් ලංකාවේ කරගන්න බැරිද? කතා කරන්නේ නම් කාර් හදන්න.
මෙ කොන්ත්‍රාත් ඔක්කොම දෙන්නෙ ඉන්දියාවටයි චීනෙටයි.. එකෙන් තමයි කට්ටියගෙ කොමිස් ආදායම් මාර්ග පහදවා ගන්නෙ.. මෙලො යකෙකුට අල්ලන්න බැරි වෙන්නෙ එකයි. .
හැදුනුම්පතක් කලට වෙලාවට මුද්‍රණය කරගන්න බැරිනම් විශාල මුදලක් ගෙවලා මෙම ආයතන සහ සේවක පිරිස් නඩත්තු කරන එක තේරුමක් තිබෙනවද.?
පිට රටින් ගෙනාව ජමනාරන්, ඇපල්, චොකලට් වැනි ඕනෑම දෙයක් අද වෙලඳපොලේ තියෙනවා. හැඳුනුම්පත මුද්‍රණය කරන්න අවශ්‍ය කාඩ් පත ගෙන්වන්න පමණද මුදල් නැත්තේ? මෙහෙම ගියොත් අර ගෝඨා එලෙව්වා වගේ මෙම ආයතන වටලා උසස් නිලධාරීන්ව එලවා දමන්නට ජනතාව පෙළඹෙන දිනය වැඩි ඈතක නොවේ. අපේ රට මෙහෙම විනාශ වුණ එකට දේශපාලකයන් පමණක් නොව මෙම නිලධාරීන්ද වග කියන්න ඕනි.