
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිතවතියක විසින් දිනකට පෙර කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි උරණ වූ සහකර පොලිස් අධිකාරිවරයකු එම කාන්තාව ද සමග පිළියන්දල පොලිසියට පැමිණ නිළධාරීන්ට බැණ වැදි ආවේගශීලිව හැසිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බස්නාහිර පළාත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු මෙලෙස පොලිස් නිලධාරියකුට සුදුසු නොවන අන්දමින් හැසිරි ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
රෙදිපිළි අලෙවි කිරීමකදී ඇති වූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් පැලැන්වත්ත පොල්හේන ප්‍රදේශයේ කාන්තවක විසින් කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි කියමින් සහකාර පොලිස් අධිකාරිවරයා එලෙස කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.
තමසෙලා ඕයි ඇහැට කනට පේන පාර කෑල්ලක් ආවොත් විතර ද වැඩ කරන්නේ උඹලා සල්ලි අරගෙන තමයි වැඩ කරන්නේ උඹලාගේ හැටි මම දන්වා. යැයි පවසමින් සහකාර පොලිස් අධිකාරිවරයා එහි සුළු පැමිණිලි අංශයේ වැඩ බලන ස්ථානාධිපතිලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂකවරයාට මෙන්ම අනකුත් නිලධාරීන්ට ද පොලිස් භූමිය තුළ ඒමේ අත ඇවිදිමින් ආවේගශීලි ලෙස බැණ ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ වැඩ ගැන පොලිසියෙන්ම පරීක්ෂණ?
මෙක තමයි දැන් ලංකාවෙ පොලිසියෙ තත්වය. මේ කටඋත්තර අනුව අපට තේරුම් ගත හැක්කේ ඔහුට පොලිස් ස්ථානයක් පාලනය කිරීමට තරම් හැකියාවක් නොමැති බවයි.
ඒ.එස්.පී මහත්තයා පාට ටයිම් එකට ආශ්‍රය කරන ,තමාගේ නෝනට වඩා හොඳ සුදු පොත්තක් තියන කෙනෙක් වෙන්න ඕනේ .නිලධාරියකුට නුසුදුසු රස්තියාදුකාර හැසිරීමක් .මම ස්ථානාධිපති නම් ඕකව බෙල්ලෙන් අල්ලලා ඇතුලේ දාලයි පස්ස බලන්නේ