IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිතවත් වී සුද්දෙ දුන් දෙකක් මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් හා එක්ව ගන්නා ආහාර පානවලට කිසියම් පෙති වර්ගයක් කලවම් කොට සිහි මුර්ජා වීමට සළස්වා ඔවුන් සන්තයේ ඇති රන් භාණ්ඩ , මුදල් හා දේපල කොල්ලකෑමට පුරුදුව සිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කර්යාල කාර්ය සහායකයකු හා ඔහුගේ අනියම් බිරිය අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

ඒ සමග සිහි මුර්ජා කිරීමට භාවිතා කළ හදුනා නොගත් මත් පෙති 15, ත්‍රීරෝද රථයක්, ජංගම දුරකථන හතරක්, රුපියල් ලක්ෂ 27 වටිනා රන් භාණ්ඩ තොගයක් භාරයට ගත් බව පොලීසිය කියයි.

සැකකාර කාන්තාව රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු හා මිතුරු වී ඔහුව ඔබේසේකර පුර ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් බීම බෝතල් දෙකක් ගෙන්වාගෙන ඉන් එක් බෝතලයකට මත් පෙති දමා ඔහුගේ සිහි මුර්ජා කොට පවුම් 08 වටිනා රන්මාල දෙකක් හා ජංගම දුරකථන දෙකක් සොරාගෙන පලාගොස් තිබුණී.

පසුව මෙම කාන්තාව වෙළඳ සලට ගොස් යළි එන බව හෝටලයට පවසා පලා ගොස් තිබූ අතර දිනය අවසාන වන තෙක් ඇය නොපැමිණීම හේතුවෙන් ලැගුම්හල් සේවකයින් කාමරය පරීක්ෂා කිරීමේදී පුද්ගලයකු සිහි මුර්ජා වී සිටිනු දැක තිබේ.

පසුව මේ බව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව ප්‍රතිකාර සදහා ඔහු රෝහල් ගත කළ අතර පියවි සිහියට පැමිණ ඇත්තේ දින තුනකට පසුව බව පොලීසිය කියයි.

 



අදහස් (0)

හිතවත් වී සුද්දෙ දුන් දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site