
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ රුවන්වැල්ල පීටර් හිල්ගම ඉඹුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ගීතිකා සඳමාලි නැමති 42 හැවිරිදි සිව් දරු මවකි.
මියගිය කාන්තාව සිය සැමියා සමඟ ඉකුත් 5 වැනි දින අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සැලකට ගොස් ඇයගේ දරුගැබ ඉවත් කිරීම සඳහා ඖෂධයක් ඉල්ලා ඇති අතර එම ඖෂධ හලෙන් ඇයගේ ශරීරයට ඇතුල් කිරීම සඳහා මෙන්ම පානය කිරීම සඳහා ඖෂධ කරලක් සහ පෙති කීපයක් ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගබ්සා නීතිය ඉවත්කර තිබුනේ නම් වළක්වා ගැනීමට හැකියාව තිබූ මාතෘ මරණයකි