
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන අවන්හලකින් ගෙන ආ හතු සහ නූඩ්ලස් සුප් එක ආහාරයට ගැනීම සඳහා සූදානම් වන විට එම සුප් එකේ පණපිටින් මීයකු සිටිනු අයුරු දැක තමන් කම්පනයට පත් වූ බව එක්සත් රාජධානියේ සෑම් හේවර්ඩ් නම් පුද්ගලයෙක් ප්‍රකාශ කළේය.
තම පෙම්වතිය චීන අවන්හලකින් රැගෙන ආ රාත්‍රී ආහාරය භුක්ති විඳිමින් සිටියදී එහි තිබූ හතු සහ නූඩ්ලස් සුප් එකේ යමක් සෙලවෙන අයුරු දැක තමන් වඩාත් හොඳින් ඒ දෙස බැලූ බවත් එහිදී සුප් එකේ පණ තිබෙන මියෙකු දඟලන ආකාරය දුටු බවත් සෑම් හේවර්ඩ් පවසා තිබේ.දඟලන මීයා මුලදී විශාල හත්තක් ලෙස දුටු බව හේවර්ඩ් ප්‍රකාශ කළේය.
අනතුරුව වහාම සුප් එකේ මීයා දඟලන අකාරය සෑම් හේවර්ඩ් ඔහුගේ ජංගම දුරකතනයෙන් පටිගත කර තිබේ.ඉන් පසු සෑම් හේවර්ඩ් සිය පෙම්වතිය රාත්‍රී ආහාරය රැගෙන ආ අවන්හල අමතා ඔවුන්ගේ සුප් එකේ පණ පිටින් මීයකු සිටි බව දන්වා ඇත. නමුත් අවන්හල එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර නැවත මුදල් ලබා දීමද ප්‍රතික්ෂේප කර තිබේ. පෙම්වතිය ආහාර මිලදී ගත් බිල්පත ළඟ නොතබා ගැනීම හේතුවෙන් එම අවන්හලෙන් සුප් එක මිලදී ගත් බව ඔප්පු කිරීමට නොහැකි වී ඇත.
තමන් වසර 20 ක කාලයක සිට ආහාර මිලදී ගත්තේ එම අවන්හලෙන් බවත් ඔවුන් ලබා දුන්නේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් බවත් හේවර්ඩ් පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙක්ට අහුවුණා නම් තලු මරමරා කයි...
ඇමෙරිකාවෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. අපි දෙන්නේ හොයාගන්න බැරි විදියට මීයා මරලා කපලා කොටලා…!
ප්‍රතිචාර නවත්තන්නයි වෙන්නේ... වෙන පත්තර එහෙම කරන්නෙ නෑ.
චීනෙට චීන ආහාරවලට මඩ ගහන්න කරපු අධිරාජ්‍ය වාදීන්ගේ ක්‍රියාවක් මේක... ඇමරිකාවේ නිර්මාණය කර බෙදා හරින පුවතක්... අපි මේවාට විරුද්ධව නැගී සිටින්න ඕනේ. ඇමරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට අපි විරෝධතා අරගලයක් මෙහෙයවනවා. ලබන පෝයට සියලු දෙනාම එන්න...!