
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞදි ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට හූති සටන්කාමීන් පහරදීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ සති හයකින් පසුව බොරතෙල් බැරලයක් සඳහා සටහන් වූ ඉහළම මිල අද (23) වාර්තා විය.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 98.03ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක ඇමෙරිකානු ඩොලර් 89.54ක් ලෙස සටහන් වූවේය.
හූති සංවිධානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක යායා සාරි පසුගියදා ප්‍රකාශ කර සිටියේ එන්සීලියා සහ ලයිලා නම් ඉන්ධන ප්‍රවාහන නෞකා දෙක නාවික අවහිරතාව නොතකමින් බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට පැමිණ ඇති බවත් ඒ හේතුවෙන් හුති සටන්කාමීන් එම නෞකා දෙකට ප්‍රහාර එල්ල කර ඇති බවත්ය.
සෞදි බලධාරීන් හූති සටන්කාමීන්ගේ ප්‍රහාරය තහවුරු කරමින් ප්‍රකාශ කර සිටියේ එන්සීලියා නෞකාවට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව මුදාගෙන ඇති බවත්ය. මේ වනවිට බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හරහා යත්‍රා කිරීමට පැමිණි යත්‍රා 10ක් හූති සටන්කාමීන් හේතුවෙන් ආපසු හැරී ගොස් තිබෙන බවද පැවැසෙයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන නෞකාවලට ප්‍රහාරයක් එල්ල කරන සෑම අවස්ථාවදීම ඇමෙරිකානු හමුදාවේ ඉරානයේ පාලමකට හෝ විදුලි බලාගාරයකට බෝම්බ හෙළා විනාශ කරනු ඇති බවයි.
දෙළොස් වැනි දිනටත් ඇමෙරිකාව දකුණු ඉරානයට ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් ඉරාන වැසියන් 2ක් මියගොස් ඇති බවත් පැවැසෙයි. ඉරානයද මැද පෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබිණි. එහිදී ජෝර්දානයේ කිං ෆයිසාල් කඳවුරටද ඉරාන හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd