(මුදිතා දයානන්ද)
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟගම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවට ද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම ලක්ෂ පහළොව හා හතර හමාර බැගින් අවස්ථා දෙකකදී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.
රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.
මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප කළ විමසීමකදී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතනය මොකක්ද කියලා කියාපල්ලාකෝ. ඇයි අපි ඒක දැනගන්න එක පවුද?
ආයතනය හෙළි නොකරන්නේ ඔවුන් ආරක්ෂා කරන්නද ජනතාව ආරක්ෂා කරන්නද .පැහැදිලි නැත
නම හෙළි කරන්න මෙච්චර බය මොකද ?පොල් ගෙඩියක් හොරකම් කරපු ළමයාගේ ඉතිහාසයයි ,භුගෝලයයි ඔක්කොම පැටිකිරිය දිග අරිනවා කිසිම ලෝබ කමක් නැතුව .මෙයාලා ඉතින් ලොකු නිලධාරීන් නිසා සේරම රහසිගතයි නේ
මාද්‍ය සදාචාරය එකක් නමුත් ජනතාවට සත්‍යය වසන්කරලා ප්‍රවුත්ති පලකරන එක තව එකක් ඔයආයතනයේ නම කියන්න බැරි නම් මේක පළකර නොසිටීම සදාචාරාත්මකයි . ඔය වගේ දේවල් වලට කොල්ලොන්ගේ වහරේ නම් මරු උපමාවක් තියනවා " එක්තරා ක්‍රීඩාවකදී අහවල් එක සඟවා ගෙන අනිත් අහවල් එකෙන් ක්‍රීඩාව කරනවා කියල " අනික ඉතින් හෙට අනිද්දා වෙනකොට නම් ගම එක්කම සමාජ මාද්‍ය වල යාවි !
ඔය ආයතනය තමයි සතොස. දන්නා තරමින් සභාපති විදියට වැඩ කරන්නේ විශ්‍රාමික නාවික නිලධාරියෙක්. ඇත්තටම එයා නම් ආයේ අහන්න දෙයක් නැහැ. යන තැන වංචා, දූෂණ. පහුගිය කාලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඔය වගේ සිද්ධි වෙලා මාධ්‍යයේ ගියත් බලධාරීන් නිහඬව හිටියේ කෙලෙහිගුණ දක්වන්න. ගෙදරට වතුර හොරෙන් අරන් දඩයක් ගහලා කියලා මේ පත්තරේම ගියේ මෙතුමා ගැන තමයි.
කවුරුත් නෙමෙයි... ඇයි අපේ පොල් බෑ මූණා...