
(ගයාන් සූරියආරච්චි)
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පොලිස් පරීක්ෂකවරයා ඇස් රෝගයක් වැළදීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට යන බව පවසමින් තොරතුරු සටහන් පොතේ සටහනක් යොදා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත.
පසුව එම නිලධාරියා පදිංචිවට සිටි ලැගුම් හලක් ආසන්නයේ දී පහරකෑමට ලක්වූ හෝටල් හිමියා සමග ඇති වූ බව කියන ආරවුලක් හේතුවෙන් බෝතලයකින් පහරදී ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව හෝටල් හිමියාගේ බිරිය විසින් ඉකුත් 27 දින වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම නිලධාරියා ඊයේ (3) පොලිසියට ඉදිරිපත්වීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බව පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනපතියෙක් පැවසුවා... මොන දෙයක් කෙරුවත් මම ගන්නේ නිලධාරියාගේ පැත්ත කියලා. එහෙම පවසලා දිව්වා...