(ඉන්දිකා රාමනායක )
යුද හමුදා හැදුනුමිපත භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත හිටපු හමුදා සෙබලෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 150ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 400ක් සහ මත්පෙති 1,850ක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහු මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මුල්ලේරියාව උණ රෝහල ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මුල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හැවිරිදි තරුණයෙකු බවත්, මොහු 2020 වර්ෂයේ දී නිත්‍යානුකූල නොවන අන්දම්න් සේවය හැරගොස් සිටින සෙබලෙක් බවද විශේෂ කාරක බලකාය පවසයි.
හමුදා සේවයේ යෙදී සිටියදී ඔහුට නිකුත් කර තිබු හමුදා හැදුනුම්තපත භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.
සැකකරු මුල්ලේරියාව පොලිසියට පොලීසියට බාර දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිටපු හමුදා සෙබළා කුඩු සමග අල්ලයි
Bunny Preena Wednesday, 24 May 2023 09:56 AM
හමුදාවලින් පැන ගිය එවුන් අල්ලන මෙහෙයුම් දියත් කරනවා මදි වගෙයි