IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලු

(මනෝප්‍රිය ගුණසේකර)

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පොරොන්දු වුහ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් විදේශ ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මෝෂම කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව දැනුම් දුන්නේය.

වැඩබලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දිලීප් නවාස්, සහ ජනක් ද සිල්වා යන මහත්මමහත්මීන් ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මෝසම සලකා බැලීණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනුජය ද සිල්වා මහතා කරුණු දක්වමින් කැබිනට් මණ්ඩල තීරණයකට අනුව වගඋත්තරකාර සුරාබදුන් කොමසාරිස් ජනරාල්වරයා අදාළ තනතුරෙන් මේ වන විට ඉවත් කර ඇතැයි කීය.

 



අදහස් (4)

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලු

ජිල්බු Thursday, 10 October 2024 09:34 PM

බෝට්ටුවෙන් හරි හොරෙන් පනිනවා නම් කියලා යන්න ෂර්, ඈං..!

:       0       2

අරවින්ද මොනරවිල Friday, 11 October 2024 06:59 AM

ඒක හොඳයි... ප්‍රශ්න සියල්ල විසඳාගෙන ඉවර වුණාට පස්සේ වෙලාව තිබුණොත් රට යන්න.

:       0       3

sam Friday, 11 October 2024 07:45 AM

බෝට්ටුවෙන්ද .විදේශ ගමන් තහනම් කරලා තියන කොට හීනෙන් තමයි යන්න වෙන්නේ .බදු අය නොකර සෙල්ලම් කරලා ගුනේ බබා කොහේ යන්නද

:       0       9

de silva Friday, 11 October 2024 12:51 PM

අරක්කු බෝතලේකින් රුපියල් 2500ක් පමණ බද්දක් රජයට ලැබෙන්න ඕනේ... නමුත් අර්ජුන ඇලෝසියස්ගේ සහ ජොන්ස්ටන්ගේ අරක්කු සමාගම් විසින් මෙම මුදල් වසර ගණනක සිට රජයට ලබාදී නැහැ. නමුත් මොහු විසින් කිසිම පැකිලීමක් නොමැතිව වසරින් වසර ඔවුන්ගේ බලපත්‍ර අලුත් කරලා තිබෙන බව පෙනී යනවා. පාඩුව රුපියල් බිලියන 52 ක් , රජයේ වියදම් පියවාගන්න රජය පසුගිය වසරවල භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින් ජනතාවගෙන් ණය ගත්තා. මේවාට පොලී ගෙවන්න සිදු වෙනවා. මෙම මුදල් නිසි ලෙස අයකර ගත්තා නම්, රටේ ජීවන බර විශාල ලෙස අඩුකරන්න තිබුණා. ගුවන් ගමන් තහනම් පමණක් මදි, රජයට පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට කරුණු වාර්තා කර මොවුන් කෙලින්ම අත්අඩංගුවට ගන්න. පසුගිය කාලවල කෝප් කමිටුවේදී මේ සියල්ල හොඳින් එළිවුණා. රජය මේ ගැන මෙතරම් මන්දගාමී ලෙස කටයුතු කරන්නේ අලුත් රජය සහ මොවුන් අතර යම්කිසි ඩීල් එකක් තිබෙන නිසාද? උදාහරණයක් ලෙස ගන්නවා නම් අපි 2015 දැනගෙන හිටියේ නැහැ රනිල් සහ රාජපක්ෂ පවුල අතර ඩීල් එක ගැන...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site