
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථය මුන්දලම මංගල එළිය ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකු රෝහල් ගතකර ඇතැයි මුන්දලම පොලිසිය කියයි.
අනතුරින් බරපතළ තුවාල ලද මන්ත්‍රීවරිය හලාවත මූලික රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රීවරිය යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම මංගල එළිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ගසක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුළ මන්ත්‍රීවරිය සමග මෙහෙකාරිය තවත් පුද්ගලයකු මෙන්ම සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අනතුරින් වෑන් රථයට බරපතළ බරපතල අලාභ සිදු වී ඇත.
මුන්දලම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එච් එම් රාජකරුණා මහතා පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන ගොඩක් දුක්වෙයි... !
හිටන්ට ආරංචිද දන්නෑ...!
අනේ අපරාදේ!! වෑන් රථයට ලොකු අලාභ හානියක් වෙලා. ඇයට ප්‍රාඩෝ එකක් නැද්ද?