(නිමන්ති රණසිංහ)
බැඳුම්කර වංචාවක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ සිතාසි මත පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (26) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනම ලබන 24 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ද අධිකරණය නියෝග කළේය .
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සිද්ධියට අදාළව පෞද්ගලික පැමිණිල්ලක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබුණේ දකුණු හා මධ්‍යම පළාත් වල ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජගිරිය පදිංචි රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතාන්තය දක්වා හිරේ සිටිය යුතු අයෙක්.
නන්දසේනත් එක්ක එකතුවෙලා රටම බංකොළොත් කළා..!