(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ සංවිධායකයකු විරුද්දවාදීන් පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා ඔහු සතුව තිබෙන මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
එම ගිනි අවියට නිත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිටපු මන්ත්‍රී පිරිසක් බිය ගන්වන්න අහසට වෙඩි තියලා
prasannna Wednesday, 14 June 2023 07:04 PM
රට වටේම පුදුම චණ්ඩි ගොඩක් ඉන්නේ.., උත්තර දීපු විදිහ හොඳයි.
de silva Wednesday, 14 June 2023 08:30 PM
අරගලයේදී අයි .සී. යූ යන්න ගුටි කාපු මන්ත්‍රීතුමා කලින්ම ක්‍රියාත්මක වෙලා ජීවිතේ බේරා ගත්ත එක හොඳයි
Bamunuarachchi Wednesday, 14 June 2023 11:09 PM
හිටපු මන්ත්‍රී ලාටත් තුවක්කු දෙනවාද?