
(සුජිත් හේවාජුලිගේ)
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
මේ අනුව මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ යන්නේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රසන්න රණතුංග , චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල සිරිපාල ගම්ලත් ගීතා කුමාරසිංහ ප්‍රදීප් උදුගොඩ, ඩීබී හේරත් ගුණතිලක රාජපක්ෂ විජිත බේරුගොඩ, ජගත් පුෂ්ප කුමාර, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයා ශාන් නවනන්දන, ලෝහන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ කරුණාදාස කොඩිතුවක්කු එම මැති ඇමතිවරු වෙති.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට තමා තීරණය ගත්තේ කාලයකට පෙර සිට බවත් හොරුන් සමග දේශපාලනය කිරීමට තමාට අප්පිරිය බවත් හිටපු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා පැවසුවේ අලුත් පිරිසකට ජනවරමක්දී ඇති හෙයින් ඒ අයගේ කටයුතු දෙස සද්භාවයෙන් බලා සිටීමට තීරණය කළ ඇති බවයි. අලුත් පිරිස හොඳ දෙයක් කරන්නේ නම් එහි ප්‍රතිඵලය අප සැමට බව දේශපාලන කුහකත්වයෙන් තොරව පිළිගත යුතු යැයිද ඔහු සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පැවසුවේ දේශපාලනය ගැන තමාට ලොකු කලකිරීමක් ඇති බවයි.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසූවේ ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවූවත් මැතිවරණ කටයුතු සඳහා තමා රට වටා යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්වලාමයි, දැන් රටේ ජනතාව කාටද ඡන්දය දෙන්නේ? ඇතිවෙනකම් ඉහගෙන කාල, දැන් තමයි, හොරුත් එක්ක ලගින එක අප්පිරියා වුණේ... ගම්පහ බඩතඩියා නැතිඑක නම් ජාතික අපරාධයක්... රටට-ජාතියට, ආගමට-දහමට කරපු සේවයට කෘතගුණ සලකන්න, පෝලිමට වරෙල්ලා, මගෙන් බත්කටක් කාල යන්න...!!!
සද්භාවයෙන්ද? නැතිනම් හොරකම්, ජඩකම් නිසා ජනතාව කුණු කූඩයට දානවා කියලා දන්න නිසාද? දැන්වත් මේ රට හොරුන්ගෙන් බේරාගෙන දරුවන්ට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න. පුරවැසියනි, ඔබගේ වගකීම හරියට ඉටුකරන්න.
එයාලා දන්නවා එයාලාගේ අනාගතය එකයි අයින් වුනේ
ගීතට හොරුන් සමග දේශපාලන කරන්න අප්‍රියයිලු. ඒකනිසා වෙන්න ඇති පොහොට්ටුවෙන් ඇවිත් ගෑස් සිලින්ඩර්ටත් එතැනින් ටෙලිෆෝන් එකටත් පැන්නේ...
අපේ කතිරෙන් වැඩක් වුණා. බොහෝමයක් පාදඩ, අසික්කිත දේශපාලුවන් ගෙදර ගියා.
එන්න... එන්න... රට "බේරාගන්න" එන්න... යන්න... යන්න... ඇපත් නැතුව යන්න..
හත්වලාමේ ….දැන් මේ මොකද වෙන්න යන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවට ?මේ සේරම නාකි හොර හැත්ත දාලා ගියාම කවුද ආපහු රට තුල තියන සම්පත් හොරා කන්න ඉන්නේ ? ෙම් ප්‍රසන්න රණතුංග , චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල සිරිපාල ගම්ලත් ගීතා කුමාරසිංහ ප්‍රදීප් උදුගොඩ, ඩීබී හේරත් ගුණතිලක රාජපක්ෂ විජිත, ජගත් පුෂ්ප කුමාර, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයා ශාන් නවනන්දන, ලෝහන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ කරුණාදාස කොඩිතුවක්කු ගියාම අපිට හරිම කනගාටුවක් දැනෙනවා