IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ ගේ බින්ද අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සරත් ලූගොඩ මහතාගේ  කොහුවල  සුනේත්රා‍දේවි  මාවතේ පිහිටි නිවස බිඳ රුපියල් ලක්ෂ 18 ට ආසන්න වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ  සැකකරු ආණමඩුව නගරයේදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සරත් ලූගොඩ මහතා ඇතුලු පිරිස නිවසේ නොමැති අවස්ථාවක ඉකුත් වසරේ අගෝස්තු  මස 22 දින සැකකරු හොර හොර රහසේ නිවසට ඇතුළු වී පවුම් 14 ට අධික  මෙම දේපළ සොරා ගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ දීර්ඝ විමර්ශනයකදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගෙන ඇති අතර ඊයේ  (6) මෙම  සැකකරු සොරාගත් රන් ආභරණ කිහිපයක් උකස් තැබීම සඳහා ආනමඩුවේ  උකස් ආයතනයක් වෙත ගොස් සිටියදී ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතග

අත්අඩංගුවට ගත් සැකකරු නවගත්තේගම පදිංචි (19) හැවිරිදි තරුණයෙකු බවත් කොළඹ ප්‍රදේශයේ  නිතර සැරිසරමින් වසා දමා ඇති නිවාස තොරතුරු සොයා බලා පසුව එම නිවෙස්වලට ඇතුළු වන පුද්ගලයකු බවද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇතග

මෙම සැකකරුට එරෙහිව ගෙවල් බිඳුම් චෝදනා රැසක් ඇති  බවද පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු භාරයේ තිබී රන් භාණ්ඩ රැසක් පොලිසිය භාරයට ගෙන ඇති අතර රන් භාණ්ඩ කිහිපයක්  හලාවත ඇතුළු ප්‍රදේශ රැසකට අලෙවි කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇතග



අදහස් (0)

හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ ගේ බින්ද අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 607 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site