
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ අය බලාගැනීම ජනතාවගේ වගකීමක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදද අඩුවිය යුතු බව ප්‍රකාශ කළේයජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ගාල්ල බද්දේගම කුම්මෙ ක්‍රීඩාංගනයේදී පැවැති මහ මැතිවරණ ප්‍රචාරක රැලියේදීය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය අඩු වෙන්න ඕන. ඔවුන් වෙනුවෙන් දරණ වැය බර අඩු වෙන්න ඕන. ජනාධිපතිවරයා වෙනුවෙන් වැය කරනඅඩු කරන්න ඕන. හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැය කරන වැය බර මුළුමනින්ම අඩු කරන්න ඕන. දැන් අපි ඒවට කමිටුවක් දාලා තියෙනවා. සමහර වරප්‍රසාද චක්‍රලේඛවලින් දීලා තියෙනවා සමහර ඒවා පනත් වලින් දීලා තියෙනවා.
සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තියෙනවා. චක්‍රලේඛ වෙනස් කරන්නේ කොහොමද පනත් කොහොමද වෙනස් කරන්නේ කියලා අපි සොයා බලනවා හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා.මේවා කරන්න බැහැ පොඩි ගණන් නොවේ. ආරක්ෂකයන් එකසිය හැට තුනක් ඉල්ලනවා. ඇම්බියුලන්ස් කාර් ජීප් රථ බීඑම් ඩබ්ලිව් ය දාහතක් දහ අටක් ඉල්ලනවා. ගෙදර ඉන්න ගානට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ.
එයාල හිතනවා ජනාධිපති වෙලා ගෙදර ගියාට පස්සේ එයාලා බලාගන්න එක ජනතාවගේ වගකීමක් කියලා. ඒගොල්ල බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි. ඒවා ඉතා ඉක්මනින් අපි ඉවත් කරනවා. මතක තියාගන්න හැම නායකයාට ඇහෙන්නම කියන්නේ. මේක පළිගැනීම නොවෙයි. කාත් එක්ක හරි කෝපෙන් කරන වැඩක් වත් නෙවෙයි. මේ දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන්න ඕන. ඇයි ගරු ඇමති අතිගරු ජනාධිපති කියන්නේ ඇයි
අතිගරු සේවය ගරු සේවය. මේක හොඳ අතිගරු සේවය.ඉන්නකොට බලාගන්නත් ඕන ගිහිල්ලා බලාගන්නත් ඕනා. මේවා නතර කරන්න ඕනෙ නැද්ද නතර කරනවා අපි මේවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි .
මේකත් කියන්න ඕනේ: අද ලෝකයේ කොහේවත් ජනතාවට සේවය කරන්න විතරක්ම දේශපාලනයේ නිරතවෙන අය නැහැ. විශේෂයෙන්ම ලංකාව වගේ දුර්වල ආර්ථිකයක් තියෙන පොඩි රටක, තමන්ගේ ආදායම් මාර්ග පැත්තකට දමලා, මහජන සේවයට සම්පූර්ණයෙන් කැපවෙන්න කැමති, රාජ්‍ය පාලනයට අවශ්‍ය දැනුම සහ පලපුරුද්ද තියෙන, වයස අවුරුදු 70ට අඩු අය නැහැ.
ඔබ බලය ලබා දිනක් ඇතුළත එය කරන බවට ඔබ අපට පොරොන්දු වුණා. ඇයි බලන් ඉන්නේ..
AKD එල කොල්ලෙක්! 2/3 බහුතරය NPP යට
මෙයාගෙ වැඩ කටින් විතරයි.
නූතන බයිලා චක්‍රවර්තී - lafa kumara
දේශපාලනයට එන අයගෙ වරප්‍රසාද වැඩියි. ඒකයි මිනිසුන් දේශපාලනය කරන්න එන්නෙ . කෝටි ගණන් වියදම් කරන්නෙ ප්‍රකෝටි ගණන් හම්බ කරනනන බලාගෙන. සාමාන්‍ය රජයේ සේවකයෙකුටත් වඩා අඩු වරප්‍රසාද තමයි තියෙන්න ඕන.කියනව වගේම කරන්නත් ඕන. ඒකට හොඳ පාර්ලිමේන්තුවක් ඕන. ඒකත් ලැබිලා නොකළොත් ඊළඟ පාර ඇපත් නෑ.
මන්ත්‍රී කෙනෙක්, ඇමැති කෙනෙක් කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මුළු රටක් වෙනුවෙන් ප්‍රතිපත්ති හදන මනුස්සයෙක් වෙන්න ඕනෑ. ප්‍රමාණවත් උගත්කමක්, බුද්ධියක්, කැපවීමක් මෙන්ම ඉවසීමක් ඇති අයයි. ගමේ මරණාධාර සමිතියේ සභාපතිට සද්දයක් දැම්මාම මිනිහා කියන්නේ මම මේක පඩි අරගෙන කරන වැඩක් නෙවෙයි. මටත් මගේ වැඩ තියෙනවා. ඒ නිසා මට පුළුවන් විදිහට තමයි මට මේක කරන්න වෙන්නේ කියලා. අන්තිමට අපේ පාර්ලිමේන්තුවට වෙන්නේත් ඔන්න ඔය ටික තමයි. මොකද හරි හමන් සේවයක් ලබන්න නම් ඊට සරිලන වැටුපක් හා පහසුකම් දිය යුතුයි. අන්තිමට වෙන්නේ අතීතයේ වුණා වගේම වෙනත් ආකාරයක අපතයින් සෙට් එකක් පාර්ලිමේන්තුවට ඒමයි. කොටින්ම කිව්වොත් රට කවදාවත් ඉදිරියට යාමක් නොවීමයි.
අර අතේ තිබුණු ෆයිල් මිටියට මොකද දන්නේ නෑ වුනේ? ඇල්ලුව හොරෙකුත් නැහැ. දැම්ම නඩුවකුත් නැහැ. රනිල්ගේ ආන්ඩුව කරපු දේවල් ටික ඉදිරියට යනවා විතරයි...!
දේශපාලන වේදිකාවේ කියන දේවල් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න කරුණාකර... මිනිස්සු රවට්ටලා පරමාධිපත්‍යය කොල්ලකන්නේ නැතිව. මැතිවරණයට පෙර නම් මොනවා හරි දෙයක් කරලා ජනතාවට දැනෙන යමක් කරන්නම වෙනවා...
සුගත්, ඇල්පිටිය වගේ නේහ්.
සමහර අදහස් කියවද්දී ලංකාවේ මිනිසුන්ගේ බුද්ධිය පිළිබඳව ලොකු කළකිරීමක් ඇති වෙනවා. රටක් දියුණුවට මුලික වශයෙන් බලපාන කරුණක් තමා වංචා හා දූෂණ වැළැක්වීම.. සමහර මිනිසුන්ට තිබෙන්නේ වහල් මානසිකත්වයක්. ඔවුන්ට තිබෙන්නේ තමන්ගේ පක්ෂය හා ඔවුන්ගේ නායකයින්ගේ පරාජයේ වියරුව, ලැජ්ජයි මේ වගේ මෝඩයින් ගැන...
ඡන්දය බලාගෙන කයිවාරු නොගහ වැඩේ කරලා කතා කරන්නකෝ...!
බයිලා ගහනවා
ඒ කරලා අපි වගේ අනුන්ගෙන් පිනට ජීවත් වෙන්න කියනවා.
අපිට ඔය කතාව අහලා දැන් ඇතිවෙලා. ඔබ ජනතාවට ලබාදෙන වරප්‍රසාද මොනවා දැයි අපිට පැහැදිලි කිරීමක් කරන්න.
මිස්ටර් කාටර් එකම බයිලේ දැන් කීපවරක් කිව්වා නේද?කරලාම පෙන්නන්න කියන්න තමන්ගේම මෝඩකම අනුන්ට පටවන්න යන්න එපා
මොලේ උඩ ඉන්න සමහර වහලුන්ට මතක නැහැ ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ආපු නායකයෝ ජනතාව රවට්ටපු හැටි.
මෙයාගෙ විසිල් විතරයි බල්ටි නැහැ එකම දෙය කියව කියවා ජනතාව අන්දනවා. සම හරක් අත් පොලොසන් දෙනව.
ඔහොම යමු සහෝදරවරුනි මුලු ලංකාවම පිරිසිදු කරලා ගමු අපි කවදත් ඔබ සමඟයි
anura rome, එයාගේ විසිලුයි බල්ටි බලාගන්න පුළුවන් තව ඉස්සරහට, තවම ඔහේගේ හාමුලා හිරේ යන්න පටන් ගත්තා විතරයි.