( සිතුම් චතුරංග)
යාපනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනය සර්ව ආගමික නායකයන් හමුවිය.
යාපනය නල්ලූර් කෝවිලට ගොස් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා , යාපනය ශ්‍රී නාග විහාරයට හා යාපනය මොහිදීන් ජුම්මා දේවස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
ආගමික වතාවත්වලින් අනතුරුව යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල නාහිමි බැහැදැකීමෙන් අනතුරුව යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා රදගුරු නිල නිවසේදී හමුවූ අතර එහිදී සාකච්ඡාවකද නිරතවිය.
උතුරේ ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම හා තවමත් නොවිසිඳුණු උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ආගමික නායකයින් හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡා පැවැත්විණ.
යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන , පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දහම් සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අන්න විජයකලා නංගි... ඔයා එන්න කලින් යන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා...
පොල් ගහලා දෙවියන්ගෙන් ඉල්ලුවද දන්නේ නෑ... අධිකරණයෙන් මේකට ගහපු දඩයෙන් නිදහස් කර දෙන්න කියලා...!
ඇක්සිඩන්ට් එක දැකපු ගමන් හිතුවා අනිවාර්යයෙන් යාපනේ ගිහින් දුක සැප බලනවා කියලා .. අන්න එහෙමයි සත්‍ය ප්‍රේමය.
ෂුවර් එකටම කොහෙහරි යන්න ඇති....
අන්තිමේදී දිනාගන්න ඡන්ද සොච්චම අන්තිමේදී හොට්ටු කාරයින්ට දීලා පුතයි, අප්පයි දෙන්නම පොරවල් වෙන ක්‍රමයක් වෙන්න ඇති හිටන්ගේ ටිකිරි මොලේට ඇවිල්ලා තියෙන්නේ...