IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති යාපනයේ සංචාරයක

(  සිතුම් චතුරංග)

යාපනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද (29) යාපනය සර්ව ආගමික නායකයන් හමුවිය.

යාපනය නල්ලූර් කෝවිලට ගොස් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා , යාපනය ශ්‍රී නාග විහාරයට හා යාපනය මොහිදීන් ජුම්මා දේවස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

ආගමික වතාවත්වලින් අනතුරුව යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල නාහිමි බැහැදැකීමෙන් අනතුරුව යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා රදගුරු නිල නිවසේදී හමුවූ අතර එහිදී සාකච්ඡාවකද නිරතවිය.

උතුරේ ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම හා තවමත් නොවිසිඳුණු උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ආගමික නායකයින් හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡා පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන , පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දහම් සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (5)

හිටපු ජනපති යාපනයේ සංචාරයක

Kanthi Renuka Thursday, 29 June 2023 04:29 PM

අයියෝ අන්න විජයකලා නංගි... ඔයා එන්න කලින් යන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා...

:       0       0

Nandalal DE SILVA - France Thursday, 29 June 2023 04:30 PM

පොල් ගහලා දෙවියන්ගෙන් ඉල්ලුවද දන්නේ නෑ... අධිකරණයෙන් මේකට ගහපු දඩයෙන් නිදහස් කර දෙන්න කියලා...!

:       0       1

තිළිණ Thursday, 29 June 2023 05:45 PM

ඇක්සිඩන්ට් එක දැකපු ගමන් හිතුවා අනිවාර්යයෙන් යාපනේ ගිහින් දුක සැප බලනවා කියලා .. අන්න එහෙමයි සත්‍ය ප්‍රේමය.

:       0       0

Roshan Thursday, 29 June 2023 10:12 PM

ෂුවර් එකටම ‍කොහෙහරි යන්න ඇති....

:       0       0

CK.Lankaputhra Friday, 30 June 2023 07:51 AM

අන්තිමේදී දිනාගන්න ඡන්ද සොච්චම අන්තිමේදී හොට්ටු කාරයින්ට දීලා පුතයි, අප්පයි දෙන්නම පොරවල් වෙන ක්‍රමයක් වෙන්න ඇති හිටන්ගේ ටිකිරි මොලේට ඇවිල්ලා තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site