(පුෂ්පකුමාර ජයරත්න)
මැල්සිරිපුර උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිංකම් මාලාව පසුගිය 24 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උමංදාව විශ්ව ගම්මානයේදී පැවැත්විනි.
මේ අවස්ථාවට භික්ෂූන් වහන්සේලා , රජයේ මැති ඇමැතිවරුන් සමඟ විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම පිංකම් මාලාව ආරම්භ කරමින් උමංදාව උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපයේ ඉදිකර තිබෙන හනුමන්ගේ ප්‍රථිමාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.
මීට සමගාමීව චින්තන මණ්ඩාවල මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර තිබෙන රන්වේලායුධ මණ්ඩපයේ මංගලශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ගාමිණී මොරගොඩගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට යෝජිත ඝණ්ඨාර කුළුණ සඳහා මුල්ගල තැබීමද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.
එසේම අසූවක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුණු අතර මේ සඳහා මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී සෝමාවතී රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල , උඩුවේ ධම්මාලෝක , පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උඩුගම ශ්‍රී ධම්මානන්ද ,කොළඹගම රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි ගල්ලැහැපිටියේ පේමරතන , වනවාසී රාහුල හිමිවරුන්ද වැඩම කර සිටියහ. උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා පිහිටුවන ලද අන්තර්ජාල මධ්‍යස්ථානය www.umandawa.com යන වෙබ් ලිපිනය යටතේ ආරම්භ කිරීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අතින් සිදු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් බුදුවූ බව පවසමින් පිස්සු කරන මේ නිඝන්ඨයෝ අපේ "උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ" ට නින්දා කරන්නේ නැතිද? අපේ රට නැත්තටම නැතිකොට, හිඟන රටක් කරපු, මහින්ද රාජපක්ෂ මේ තැනට ආවේ දහම් අසා රහත් වෙන්නද? ලැජ්ජයි !!!
එතකොට රටම හොරාකාපු නන්දසේනට ආරාධනා කළේ නැද්ද?
හොරු සමග හොරු....!
බණට කියන්නේ එකක්... ඒත් කරන්නේ තව එකක්....
අබෞද්ධයෝ දෙදෙනෙක් එකතුවෙලා කියනවා එකෙක් රයිගම පැත්තේ, අනෙකා ගම්පොල පැත්තේ කියලා…. තකට තක…
ජයවේවා..!
මේ ඔක්කොටෝම මොකද වෙලා තියෙන්නේ..?
මේ හනුමට එන්න කියලා තියෙන්නෙ. මැරෙන්න කලින් තමන්ගෙ පිලිරුව බලාගන. එය විවුර්ත කරන්නද. හොරුන්ට තවමත් කඩේ යන හමුදුරුවෝ. මේ හමුදුරුවන්ට පුලුවන්නෙ. බලගතුයි කියන හොරුන්ට සලකන්නෙ නැතිව දුශ්කර ගම්මන වලට ගිහින් අසරන ජනතාවට කන්න දෙන්න
මෙච්චර විගඩං දැක දක නොදැක්කා වගේ ඉන්නෙ අපිත් රහත් වෙලාවත්ද කියලා හිතෙනවා වෙලාවකට
හොඳට ගැලපෙන ජෝඩුව හැබැයි. එක්කෙනෙක් රට කනවා අනිත් එක්කෙනා ශාසනේ කනවා.
බෞද්ධයන් හනුමන් අදහනවද? මේ උන්නාන්සෙගෙන් විමුක්තිය,, සරණ සොයා යන අඳ ශ්‍රාවකයන් මේ ගැන කුමක්ද සිතන්නෙ? කතාකරන්නෙ විද්‍යාත්මක බෞද්ධ දර්ශනයක් ගැන කරන්නෙ හින්දු කාරයන්ගෙ වැඩ, දැන්වත් මේව පස්සෙ යන අය සිතන්න බුද්ධියක් ඇතිව.
බුදුපියාණන් වහන්සේට නිගා කරන ''නිඝන්ටයන්" තමා මේ. මොනවද මේ සිවුරු දරාගෙන මුන් කරන වැඩ? ගිහි බෞද්ධයන්ටත් නිගා කරනවා. මුන්ගේ පස්සේ යන අයත් එහෙමම තමා.
මාද්‍ය වල වගකීමක් වැදගත් සහ වටිනාකමකින් යුක්ත දේ ඵල කරන්න. මිනිසුන් බඩගින්නෙ දුක්විදිනව.
හොරා කාපු සල්ලි "උගන්ඩාවේ" විතරක් නොවෙයි, "උමන්දාවෙත්" තැන්පත් කරලා තියනවා වගෙයි පේන්නේ ..බුදුන් වහන්සේ රජ මාලිගාවෙන් එලියට බැස්සා, එත්, අපේ ලෝකල් රහතන් වහන්සේ රජ මාලිගා තනනවා. තමන් විසින්ම තමාගේම පිළිම නෙලා ගන්නවා. ඉස්සර පස්ස උඩ දාගෙන බැනපු බෞද්ධයෝ, දැන් පස්ස උඩ දාගෙන, මේ හාමුදුරුවන්ට වඳිනවා.. බුදුන් සරණ යනවට වඩා, රාජපක්ෂ සරණ ගියාම තමයි ලංකාවේ පිළිගැනීමක් ලැබෙන්නේ.. අනේ මෙහෙමත් අඥාන බෞද්ධයෝ!!!!