IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


හිටපු ජනපති මහින්ද උමංදාවට

(පුෂ්පකුමාර ජයරත්න)

මැල්සිරිපුර උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිංකම් මාලාව පසුගිය 24 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උමංදාව විශ්ව ගම්මානයේදී පැවැත්විනි.

මේ අවස්ථාවට භික්ෂූන් වහන්සේලා , රජයේ මැති ඇමැතිවරුන් සමඟ විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම පිංකම් මාලාව ආරම්භ කරමින් උමංදාව උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපයේ ඉදිකර තිබෙන හනුමන්ගේ ප්‍රථිමාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

මීට සමගාමීව චින්තන මණ්ඩාවල මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර තිබෙන රන්වේලායුධ මණ්ඩපයේ මංගලශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ගාමිණී මොරගොඩගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට යෝජිත ඝණ්ඨාර කුළුණ සඳහා මුල්ගල තැබීමද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.

එසේම අසූවක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුණු අතර මේ සඳහා මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී සෝමාවතී රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල , උඩුවේ ධම්මාලෝක , පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උඩුගම ශ්‍රී ධම්මානන්ද ,කොළඹගම රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි ගල්ලැහැපිටියේ පේමරතන , වනවාසී රාහුල හිමිවරුන්ද වැඩම කර සිටියහ. උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා පිහිටුවන ලද අන්තර්ජාල මධ්‍යස්ථානය www.umandawa.com යන වෙබ් ලිපිනය යටතේ ආරම්භ කිරීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අතින් සිදු කරනු ලැබීය.



අදහස් (15)

හිටපු ජනපති මහින්ද උමංදාවට

විජිත් Sunday, 26 February 2023 03:04 PM

තමන් බුදුවූ බව පවසමින් පිස්සු කරන මේ නිඝන්ඨයෝ අපේ "උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ" ට නින්දා කරන්නේ නැතිද? අපේ රට නැත්තටම නැතිකොට, හිඟන රටක් කරපු, මහින්ද රාජපක්ෂ මේ තැනට ආවේ දහම් අසා රහත් වෙන්නද? ලැජ්ජයි !!!

:       11       42

fairoos Sunday, 26 February 2023 05:03 PM

එතකොට රටම හොරාකාපු නන්දසේනට ආරාධනා කළේ නැද්ද?

:       18       38

janahithaTuesday, 28 February 2023 02:26 PM

රටම හොරාකාපු මහිද පුතුන් සහ කපුටා යනුවෙන් නිවැරදි විය යුතුය.

:       0       0

ana Sunday, 26 February 2023 05:28 PM

හොරු සමග හොරු....!

:       10       36

ලුම්බිණි Sunday, 26 February 2023 05:39 PM

බණට කියන්නේ එකක්... ඒත් කරන්නේ තව එකක්....

:       6       35

පිටිගල මිලානෝ Sunday, 26 February 2023 07:10 PM

අබෞද්ධයෝ දෙදෙනෙක් එකතුවෙලා කියනවා එකෙක් රයිගම පැත්තේ, අනෙකා ගම්පොල පැත්තේ කියලා…. තකට තක…

:       9       32

Nimal J Monday, 27 February 2023 01:02 AM

ජයවේවා..!

:       6       4

Jayantha Monday, 27 February 2023 01:44 AM

මේ ඔක්කොටෝම මොකද වෙලා තියෙන්නේ..? 

:       1       6

චතුරි Monday, 27 February 2023 02:13 AM

මේ හනුමට එන්න කියලා තියෙන්නෙ. මැරෙන්න කලින් තමන්ගෙ පිලිරුව බලාගන. එය විවුර්ත කරන්නද. හොරුන්ට තවමත් කඩේ යන හමුදුරුවෝ. මේ හමුදුරුවන්ට පුලුවන්නෙ. බලගතුයි කියන හොරුන්ට සලකන්නෙ නැතිව දුශ්කර ගම්මන වලට ගිහින් අසරන ජනතාවට කන්න දෙන්න

:       2       8

විජේ Monday, 27 February 2023 08:31 AM

මෙච්චර විගඩං දැක දක නොදැක්කා වගේ ඉන්නෙ අපිත් රහත් වෙලාවත්ද කියලා හිතෙනවා වෙලාවකට

:       1       16

සිරිමෙවන් Monday, 27 February 2023 08:57 AM

හොඳට ගැලපෙන ජෝඩුව හැබැයි. එක්කෙනෙක් රට කනවා අනිත් එක්කෙනා ශාසනේ කනවා.

:       2       14

සෙනෙවිරත්න Tuesday, 28 February 2023 05:35 AM

බෞද්ධයන් හනුමන් අදහනවද? මේ උන්නාන්සෙගෙන් විමුක්තිය,, සරණ සොයා යන අඳ ශ්‍රාවකයන් මේ ගැන කුමක්ද සිතන්නෙ? කතාකරන්නෙ විද්‍යාත්මක බෞද්ධ දර්ශනයක් ගැන කරන්නෙ හින්දු කාරයන්ගෙ වැඩ, දැන්වත් මේව පස්සෙ යන අය සිතන්න බුද්ධියක් ඇතිව.

:       0       1

mp Tuesday, 28 February 2023 05:43 AM

බුදුපියාණන් වහන්සේට නිගා කරන ''නිඝන්ටයන්" තමා මේ. මොනවද මේ සිවුරු දරාගෙන මුන් කරන වැඩ? ගිහි බෞද්ධයන්ටත් නිගා කරනවා. මුන්ගේ පස්සේ යන අයත් එහෙමම තමා.

:       0       1

Lalinda Sanjeewa Silva Tuesday, 28 February 2023 02:32 PM

මාද්‍ය වල වගකීමක් වැදගත් සහ වටිනාකමකින් යුක්ත දේ ඵල කරන්න. මිනිසුන් බඩගින්නෙ දුක්විදිනව.

:       0       1

බද්රානි Tuesday, 28 February 2023 03:00 PM

හොරා කාපු සල්ලි "උගන්ඩාවේ" විතරක් නොවෙයි, "උමන්දාවෙත්" තැන්පත් කරලා තියනවා වගෙයි පේන්නේ ..බුදුන් වහන්සේ රජ මාලිගාවෙන් එලියට බැස්සා, එත්, අපේ ලෝකල් රහතන් වහන්සේ රජ මාලිගා තනනවා. තමන් විසින්ම තමාගේම පිළිම නෙලා ගන්නවා. ඉස්සර පස්ස උඩ දාගෙන බැනපු බෞද්ධයෝ, දැන් පස්ස උඩ දාගෙන, මේ හාමුදුරුවන්ට වඳිනවා.. බුදුන් සරණ යනවට වඩා, රාජපක්ෂ සරණ ගියාම තමයි ලංකාවේ පිළිගැනීමක් ලැබෙන්නේ.. අනේ මෙහෙමත් අඥාන බෞද්ධයෝ!!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්
2024 අප්‍රේල් මස 29 9 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව ම


ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට
2024 අප්‍රේල් මස 29 255 1

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු


මෛත්‍රි ජනපති කිරීම මා කළ ලොකු වරදක්
2024 අප්‍රේල් මස 29 275 0

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප


ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 367 1

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 331 1

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 20 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1778 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1610 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site