(නිමල් ජයරත්න)

පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය හිටපු ජනාධිපති ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පස් දෙනාගේ රුව ඇතුළත් කරමින් මල්වඩම් පහක් පොලොන්නරුව දීපඋයන ඉදිරිපිට තබා ඇති අයුරු ලංකා කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 

පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රජය නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්. පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමරකීර්ති අතුකෝරල, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කින්ස් නෙල්සන් යන මන්ත්‍රීවරුන්ගේ රුව ඇතුළත් කරමින් මෙම මල් වඩම් පහ දීපඋයන ඉදිරිපිට තබා ඇත.

ඝාතනය කරමින් ඇති මාතෘ භූමිය වෙනුවෙන්, මරා දැමුණු ආර්ථිකය වෙනුවෙන්, උප නූපන් දරුවන්ගේ මරා දැමුණු අනාගතය වෙනුවෙන්, රටක මරාදැමුණු අභිමානය වෙනුවෙන්, රටේ මරාදැමුණු පරිසරය පද්ධතිය වෙනුවෙන්, රටේ මරා දැමුණු තාරුණ්‍ය වෙනුවෙන්, රටේ මරාදැමුණු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපගේ ශෝකය යනුවෙන් එම මල්වඩම්වල සඳහන් කොට ඇත.

හරිත පුරවැසියායෝ ලෙස නම් කර මෙම මල්වඩම් පහ තබා තිබේ.