(රන්ජන් කටුගම්පොළ)
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි මහත්මිය විසින් ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කරනු ලැබ සිටී.
පෙත්සමේ මෙසේද සඳහන් වේ
2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවේචනය කරමින් කතාවක් පවත්වා ඇත.මෙම කතාවේ අඩංගු කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ.
එපමණක් නොව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනා වලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතළ හානියක් අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.
එබැවින් වගඋත්තරකාර අමාත්‍යවරයාට අධිකරණ අපහාසයට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සඳහන් කරමින් නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙසද නීතිඥවරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම අද(29) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් බීන් වැඩේ අත හරින්නේම නෑ වගේ. ඔය වගේ අයගේ හැසිරීමේ එක් කොටසක් තමයි නොනවත්වා පළිගැනීම...
සියළුම නීතිඥ ගාස්තු ක්‍රිකට් බෝඩ් එකෙන් දරනු ලැබේ.
කොහොමටත් දැල්ල නිවෙන්න ලං වෙනකොට දඟලනවා වැඩියි.
රොෂාන් මැතිදුට ජය.
ඇත්ත කිව්වම දරා ගන්ඩ බැරි වෙලා . පලි ගන්ඩ මොනවා නොකරාවිද?ක්‍රිකට් සල්ලි ඕන හැටියේ ඇතිනේ වියදම් කරන්ඩ .
ඊළඟ ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රිකට් සවාරි සඳහා යන තවත් නිළියක් වෙන්න පුළුවන්.
දුෂණයට විරුධව කතාකරන මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම රන්ජන්ට දුන්න දඩුවම දීල ඔවුන්ගේ කට වසා දමනු ලැබේ
ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක විසින් ලංකාවේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම හැර අනෙක් දුෂණය , පගාව , හොරකම , සල්ලාල කම් ඇතුළු අනෙක් සියලු දෙයම කරනු ලැබේ ,