(රන්ජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත හැකි දැයි සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලුවේය.
ඒ අනුව ඊට අභියාචනාධිකරණයෙන් අවසර ලැබින.මෙම නඩුව ලෆාර් තහීර්, කේමා සවර්ණාධිපති මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස සිදු වී ඇතැයි සඳහන් කරමින් නීතිඥවරියක් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ තමන්ට කිසිඳු නොතීසියක් ලැබී නොමැති බවත් ක්‍රිකට් නඩුවට පෙනී සිටි අය මෙයට පෙනී සිටීමෙන්ම මෙහි යටි අරමුණ පැහැදිලි වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහ පිස්සු රටක්වෙලා... කවුරුවත් දන්නේ නැහැ තමන්ගේ සීමාව මොකක්ද කියලා. හැම දේකටම උසාවියට යන එකයි, ඊට පස්සේ නඩුකාරයන් තේරීම් කරක සභාවට කැඳවන එකයි තමයි මේකෙන් වෙන්නේ. උසාවියයි, පාර්ලීමේතුවයි රණ්ඩුවෙවී ඉඳීවි... වෙන වැඩක් නොකර...!
පාර්ලිමේන්තුවේ කෙරෙන ප්‍රකාශ වලට විරුද්ධව කාටවත් කටයුතු කරන්න බැහැ කියලා කථානායක කිව්වා නේද? අධිකරණයේ කෙරෙන පක්ෂපාතී තීන්දු ගැන කථාකරන්න තිබෙන ස්ථානය පාර්ලිමේන්තුව. දෙමස්සිනාලාගේ වාරන තීන්දු අනුමත වුණු බවයි අපි දැක්කේ... ක්‍රිකට් මණ්ඩලේ නඩු ඇසුවේ එකම නඩුකාරයෙක් කියලයි අපිට පෙන්නුවේ. ඒවා කතා කරන්න පුළුවන් ස්ථානය පාර්ලිමේන්තුව. නැතුව වෙනකොහේ කතා කරන්නද?
සමහර ජනාධිපති නීතීඥවරුන්ගේ ක්‍රියාකලාපය හොඳින් පේනවා.
ඔය නීතිශවරිය කියන කෙගෙ පටිකිරිය හොයගත්තොත් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි. එයා කාටද සැප දෙන්නෙ කියල බැලුවනම් හරි.