
(සුමිත් පොතුපිටිය)
මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .
හිටපු අමාත්‍ය වරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ කළුතර දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනාකමකින් යුත් බී. එම්. ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් සඟවා තිබී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත්බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි .
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වරයා මෙසේ පැවසීය . මුලින්ම කිව්වා එම වාහන සම්බන්ධයෙන් මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අය්යා කෙනෙක්ලු.
මගේ මේ වාහන පිළිබඳ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා.
මම දේශපාලනයට ආවේ වංචා කරන්න හෝ සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල්වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලා සිටිනවා.
පැහැදිලිව කියන්නේ දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා. මේ කියන වාහනෙවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ.
වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පලිද .මගේ ගෙදරත් ලියාපදිංචි කළ වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන. වෙන කෙනෙක් කළ වරදකට මම වගකියන්න ඕනද . මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා.
මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා සෙසු පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක් වෙනවා. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහල තීන්දුත් දෙනවා.
මම වරාය අමාත්‍ය තණතුරෙන් අස්වුනේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වෙනවා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සියලු දේවල් සිදුකර ඇත්තේ නීත්‍යානුකූලව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ, කොළඹ බස් රූට් එකක් තර්ජනය කරලා ගත්තේ නැද්ද? 2012 දී...!
අයියෝ දේශපාලනයෙන් සමුගන්න එපා...රටේ ජනතාව ඔයාට සමු දෙනවා, ඒක ෂුවර්.
අනේ ඔහේලගෙ හයියට නෙවෙයි නම් ඔව මේ ගමේ අප්පුහාමිල ළඟත් තියෙන්න එපායැ,
නීතිය ක්‍රියාත්මක කරන්න .
මේකට ඔබතුමා කලබල විය යුතු නැහැ. අර බෑනා ඒකට උත්තර බඳීවි. නැති නම් අර මල්වාන බේගලට වගේ තමයි. මොකද ඔබතුමන්ගේ දේශපාලන ගමනට හොඳ නැත්තේ.
මේ තරම් සුද්ද වන්තයෙක් නැහැ... අනේද කියන්නේ?
දේශපාලනයෙන් සමු ගන්න කරදර වෙන්න එපා. නොවැ 14 ජනතාව ඔබ ගෙදර යවයි.
බෑණාගේ ගෙදරට කව්ද නාඳුනන මිනිහෙක් ගෙනත් දාපු වාහන දෙකක් කියලා බෑනා කිව්වා කියලා පුවතක් තිබුණා. ඩේසි ආච්චිගේ මැණික් මල්ල, මල්වානේ හිමිකරුවකු නැති මන්දිරය, ටැක්ස් එකෙන් කතා කළාම නයා කාපු එක විශ්වාස කරපු අපට ඒකත් විශ්වාස කරන්නම්කෝ...! ලියවිල්ලක් නැති වුණාම කොහොම ඔප්පු කරන්නද? ඒත් අපිට වෙච්චි දේ නොතේරෙන බබ්බු කියලා හිතන්න එපා ඇමැතිතුමෝ...!
අයිතිකරුවා නොමැති නම් වහාම රාජ සන්තක කර ටෙන්ඩර් කැඳවා විකුණා දමන්න. මුදල් භාණ්ඩාගාරයට ලබා ගන්න.
අමුතුවෙන් සමුගන්න දෙයක් නැහැ. නමුත් හරි ෂෝක් ප්‍රකාශය. මාධ්‍යයට ප්‍රකාශයක් කර පැත්තකට වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම පරික්ෂා කිරීම් කෙරෙයි සහ ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් ඉන්න. හදිසිවෙන්න අවශ්‍ය නැහැ. ඒ හැරෙන කොට වංචාවක් දූෂණයක් අයුතු දේශපාලන බලය භාවිතයක් ආදී කිසිම දෙයක් මීට කලින් සිදුවෙලාම නැහැනේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ කෙනෙකුත් ඔයවගේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා නඩුවකුත් ෆයිල් කලා. කීර්ති නාමයට බලපෑමක් වුණාය කියලා. නමුත් නොබෝදා එය ඉල්ලා අස්කරගත්තා.
අයිතිකරුවන් නොමැති දේපල රාජසන්තක කරන්න.
එහෙනම් ඔබතුමාට පුළුවන් නඩුවක් දාන්න
මේවට මෙයා නිර්දෝශී වෙන්න ඇති. මෙයා දක්ෂ මාල කඩන්න.
දේසපාලනේට ආවේ වංචා කරන්ඩවත් හොරකම් කරන්ඩවත් නෙවෙයිලු. එහෙනම් මාල කඩන්න වෙන්ඩැති .
ඒකනේ. බෑනගේ ගෙදරට කොහෙවත් යන වාහන ආවේ කොහොමද කියල හොයන්නේ නැතුව අහිංසකයන්ට ලෙඩ දාන එක වැරදිනේ. මන් අහන්නේ වරාය ඇමතිකම හරි වරායේ උපදේශක කම හරි කරපු පලියට පිටරටින් එන සැප වාහන වරායෙන් එලියට ඇවිත් අපේ ගෙවල්වල ගාල් වෙන්නේ කොහොමද කියල අපි දන්නේ කොහොමද නේද? ආයුබෝවන්.