
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි පවසයි.
නිල නිවාස බාරදීම දිගින් දිගටම පැහැර හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරියේදී නිත්‍යානුකූලව කටයුතු කරන බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
ජනාධිපතිවරයා පත්වී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව නිල නිවාස බාර දෙන්නැයි අමාත්‍යාංශය සියලූම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දීමක් කළේය.
අමාත්‍යවරුන්ට නීල නිවාස ලබාදී තිබුණේ කොළඹ 7 ප්‍රදේශවලිනි.
මේ අතර අමාත්‍යවරුන්ට ඉදිරියේදී නිල නිවාස ලබාදීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කිරීමට රජය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියගේම, ළමා ගීයකින් කියවෙන නම, ගම, ආගම, වයස සේරම ලියා ඇති හතරැස් කොලේ විස්තර පලකළානම්...
පොලිසිය අරගෙන ගිහිල්ලා ඇදලා දාන්න හරි ගහලා පන්නන්න. මොකද සාමාන්‍ය සිවිල් වැසියෝ බැංකු ණය ගෙවාගන්න බැරි වුණාම බලෙන් ඇදලා දාන්නේ...